IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දකුණේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට


 (ජේ.කේ.එල්. චාමින්ද)

 
දකුණු පළාතේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 681 දක්වා වැඩිවී ඇති බැව්  දකුණු පළාතේ කොවිඩ්  මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
 
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 400දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 224 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 7 දෙනෙකු වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.
 
ඊයේ (21) දකුණු පළාතෙන් කොරෝනා නව ආසාදිතයන් 11 දෙනෙකු හමුවී ඇත. ගාල්ල මහනගර සභාවෙන් රෝගීන් 06 දෙනෙකු දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගීන්04 දෙනෙකු, මාතර මහනගර සභා බල ප්‍රදේශයෙන් එක් රෝගියකු හමුවී ඇති බවද ඒ මහතා පවසයි.
 
 මේ වනවිට කොරෝනා  ආසාදනය වී සුවවීමෙන් පුද්ගලයින්258 දෙනෙකු නිවෙස්වලට ගොස් ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 167 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ 68 දෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 23 දෙනෙකු කොරෝනා රෝගය සුව වීමෙන් නිවෙස්වලට ගොස් ඇත.
 
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 798කට අයත් පුද්ගලයින්2015 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 489කට අයත්  පුද්ගලයින් 1640 දෙනෙකු සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්  432කට  අයත් 713 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද, ඒ අනුව දකුණු පළාතේ පවුල් 1719කට අයත් පුද්ගලයින් 4635 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවද චාමර මහගමගේ මහතා පවසයි.



අදහස් (0)

දකුණේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site