කොරෝනා වයිරසය දැඩි ලෙස බලපා ඇති රටවලින් පැමිණෙන විදෙස් ජාතිකයන් සියලු දෙනාට සිය දේශසීමාව වසා දමන බව දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා අද (15) ප්‍රකාශ කළේය.
‘‘ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ජර්මනිය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ චීනය ආදී කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති රටවලින් එන විදෙස් ජාතිකයන් සියලු දෙනාට අපි අපේ දේශසීමාව වසා දමනවා. මේ සංචාරක තහනම මාර්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා’’ යැයි ද දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා කීවේය.
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැම්පෝසා ඒ බව කීය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd