
(ඩයනා උදයංගනී)
කොවිඩ්-19 වසංගතය රට පුරා ව්‍යාප්ත වීම පාලනය කරමින් තම තමන්ගේ දිස්ත්‍රික්ක ආරක්ෂා කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමේ සහ ආර්ථික මට්ටම හා ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය තින්දු තීරණ ගැනීමේ බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට පවරා තිබේ.
ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (3) පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇත.
ලොව ප්‍රධාන පෙළේ රටවල කොවිඩ් වසංගතය හමුවේ දැඩි සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක වුවද මුළු දිවයිනටම ඇඳිරිනීතිය පැනවීමෙන් තොරව ජනතාවගේ අවශ්‍යතා සපුරාලමින්, වසංගතය පාලනය කිරීමට අවශ්‍ය තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා වන ආකාරයෙන් කෘෂිකර්මාන්තය මෙන්ම සෞඛ්‍ය, ප්‍රවාහනය, ධීවර කටයුතු, කර්මාන්ත, ජල හා විදුලි සැපයීම, කසල කළමනාකරණය, ඉන්ධන සැපයීම, ගොවීන් වෙත ප්‍රමිතියෙන් යුතු පොහොර ලබාදීම ආදී අත්‍යාවශ්‍ය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යායුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ කොහෙන් පත්වෙච්චි මිනිහෙක්ද? දැන් නන්දසේනගේ කටවචන නියෝගය ඉවරද? විනෝද සමයත් පරාදයි මෙ විහිළු වලට
අනේ මෙ ඔයා ඇමෙරිකාවට වෙලා ඉන්න.
මෙ හාදයාට තියන වගකීම මොකක්ද?
12 වෙනිදාට තමා සුභ නැකත තියෙන්නේ. " පුරවැසි භාවය වෙනස් කරන එකට වැඩිය රටේ ව්‍යවස්ථාව වෙනස් කරන එක පහසු" ලෝකයේ එකම රට බවට අපි දැන් වාර්තා පිහිටුවලානේ තියෙන්නේ. දෙන දෙයක් කාල වැඩක් බලාගෙන ඉන්න එකයි ඇඟට සනීප.
ඒ් කාලේ රට කාලා, යහපාලන ආණ්ඩුව ආපු දවසේම මැණික් වගයකුත් අරගෙන රටෙන් පැනලා ගිහින් හොන්කොන්වල හැංගිලා ඉඳලා පස්සේ ඇමෙරිකාවට ගියා. කාලෙකට පස්සේ ආයෙත් ලංකාවට ආවා. මේ පවුලම රට පාලනය කරන්න නොවෙයි හිරකුඩුවල ඉන්න ඕන අපරාධකාරයෝ. කොරෝනාවලින් හොඳට ගරානානම් කරගන්නවා ඇති. කවුද මේ මනුස්සයට මේ ජොබ් එක දුන්නේ...?
රජයේ නිලධාරීන්ට උපදෙස් දෙන්න මෙයා කවුද?
ඔය දීලා තියෙන්නේ තනතුරු. තවම පටන් ගත්තා විතරයි. හොද හොද සෙල්ලම් එළිවෙන යාමෙටලු.
ලේකම් කාර්යාලයෙන් ඇදිරි නීති බලපත්‍රයක්වත් කලට වෙලාවට නිකුත් කරගන්න බැහැ.. ඇදිරි නීතිය දාලා දැන් දවස් 6ක් ඒත් අද වෙන තුරු කිසිම අත්යවශ ආහාර ද්‍රව්‍ය ආදිය නිවෙස් වලට අරන් එන කිසිම ජංගම වෙළඳ රථයක් එන්නෙ නැහැ.. මම කලින් ආව වෙලෙදුන් කිප දෙනෙක්ට කෝල් කලා ඒ අය අහනවා එන්නෙ කොහොමද බලපත්‍ර තවම නැහැ කියල.. කලින් පොලිසියෙන් මේව නිකුත් කරන කොට හරිම කාර්යක්ශමව මේක කලා. මේ වෙළදුන්ම තමා මේ පාරත් ඒ සේවය කරන්න ඉන්නෙ. ඔවුන් ලග තියෙන අප්‍රේල් සිට ජුනි වෙනකම් ලබාගෙන ඇති බලපත්‍ර වල වලංගු කාල සීමාව දීර්ඝ කලානම් සීග්‍රයෙන් අවශ්‍ය සේවා ටික ක්‍රියාත්මක වෙනවනෙ.. දැන් බොහෝ මිනිසුන්ට අහාර ද්‍රව්‍ය හිඟයි.. වහාම රජය මැදිහත් වී මේවා විසදා දිය යුතුයි.. රජය වගකීම කෙනෙක්ට පවරල නිකන බලාගෙන ඉදලා වැඩක් තියේද??
බ්‍රැන්ඩික්ස් පොකුරේ නිර්මාතෘගේ පිනට ජනතාවට කොරෝනා දෑවැද්ද ලැබුණු වගයි..
බැසිල් පාර්ලිමේන්තු ආපුවහම ඕකත් නැති වෙනවා
අපිම පොහොට්ටුවට ඡන්දෙ දාලා දැන් අහනවා මෙයා කවුද කියලා...
මෙයා කවුද මේවා කියන්න.
වැඩේ කෙල වෙන තත්ත්වයේ ආවට පස්සෙ දිස්ත්‍රික් කට්ටියට පවරා දෙන එක, අත හෝදා ගැනීමක් කියා හැමොටම පෙනේවි. මෙතැනදීත් එකතු වෙලා මෙක වගකීම බාරගෙන ගොඩනැගීම රජයක් ලෙස කළ යුතුයි. 20 නිසා මග හැරුන වුණත් එකට වැඩකළොත් නවත්තන්න පුළුවන් ලොක්ඩවුන් දාලා.. මැරෙන ප්‍රමාණය වැඩි වුනත්, මේ වෙලාව අතාරින්න එක හොඳ නැ. Australia Victoria ප්‍රාන්තයේ 700 දවසකට හම්බුනා, නමුත් දැන් දවසට එකක් වත් නෑ. හැබයි ඔය පීසීආර් ටෙස්ට් ඔයිට වඩා ගොඩක් කරන්න විදිහක් ඉක්මනට හදා ගන්න. මූලින්ම, ලංකාව තමන්ගේ රට ගැන හිතන්න.