
ඩෙන්මාර්කයේ මින්ක් ගොවිපලවල කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වහාම තහනම් කිරීමට බ්‍රිතාන්‍ය බලධාරීහු අද (07) පියවර ගත්හ.
විකෘතිවූ කොරෝනා වයිරසයක් ‘මින්ක්‘නම් මුගටි වර්ගයේ සතුන් මගින් මිනිසුන්ට ආසාදනය වී ඇති බව ඩෙන්මාර්ක බලධාරින් විසින් සොයාගැනීමෙන් පසුව ඩෙන්මාර්කයේ දැඩි අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කෙරුණු අතර ගොවිපලවල මින්ක් සතුන් ඝාතනය කිරීමට නියෝග කෙරිනි.
බ්‍රිතාන්‍යය පෙරේදා (05) නිවේදනය කළේ ඩෙන්මාර්කයෙන් පැමිණෙන සියලුම සංචාරකයන් ස්වයං හුදකලා වියයුතු බවයි.
නමුත් ඩෙන්මාර්ක බලධාරින්ගෙන් වැඩිදුර තොරතුරු වාර්තා වීමෙන් පසු ඩෙන්මාර්කයේ සිට පැමිණෙන අමුත්තන්ට එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොලැබෙන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන අමාත්‍ය ග්‍රාන්ට් ෂැප්ස් පවසා ඇත.
ඩෙන්මාර්කය හරහා සංක්‍රමණය වන බ්‍රිතාන්‍ය ජාතික නොවන සියලුම සංචාරකයින්ට මෙම නීතිය අදාල වේ.
තහනම සතියකට පසු සමාලෝචනය කරන බවද එහි සඳහන් වී තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
711
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2378
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1744
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩෙන්මාර්ක සංචාරකයින්ට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම තහනම් කරයි