(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

සෘජුවම නිවසට ලබා දෙන (DTH service / Dish TV) ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සේවාවන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එවැනි නීති විරෝධී ව්‍යාපාරිකයන්ගෙන් මෙම සේවා ලබා ගැනීම හෝ කිසිම ආකාරයක ගෙවීමක් නොකිරීමට සැලකිලිමත් වන ලෙස සියලුම පාරිභෝගිකයින්ට එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

එම සේවා ලබා ගැනීමට පෙර බලයලත් ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා සැපයුම්කරුවන් (DTH service / Dish TV)  පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා http://www.trc.gov.lk/direct-to-home-satellite-broadcasting-operators.html වෙත පිවිසෙන ලෙසද එම නිලධාරීහු පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.