IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


’ටෝකියෝ ඔලිම්පික් උලෙළ පවත්වන්න බෑ’

කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව මේ වනවිට පැහැදිලි යැයි ද ඒ අනුව 2021 වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් සුදානම් වන්නැයි ද ඔස්ට්‍රේලියානු ඔලිම්පික් බලධාරිහු අද (23) ප්‍රකාශ කළහ.

ඔලිම්පික් උළෙල කෙසේ හෝ පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජපානයේ ඔලිම්පික් බලධාරිහු ද පසුගිය දින කිහිපයේදීම කියා සිටියද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ වනවිට ඔවුන්ගේ ස්ථාවරය ලිහිල් කරනු ඇතැයි වාර්තා වේ. 

මේ අනුව ඔලිම්පික් උලෙළ කල් දැමීම ආදී විකල්ප සම්බන්ධයෙන් සොයා බලන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේය.

ඊට ප්‍රතිචාරයක් ලෙස ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව රැස්වීමක් කැඳවා තිබිණි. ගෝලීය වසංගතයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව එහිදි ඒකමතිකව තීරණය කර ඇත.

‘‘ජූලි මාසයේදී ඔලිම්පික් උලෙළ තියන්න බැහැ. ඒක පැහැදිලි’’ යැයි 2020 ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානී ඉයන් චෙස්ටර්මන් පැවැසීය.

ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී මැට් කැරොල් පැවැසීය.

‘‘කල්දැමීමෙන් අලුත් ප්‍රශ්න ඇතිවෙනවා. ටෝකියෝ ඔලිම්පික් උලෙළ ක්‍රීඩාවේ සහ මනුෂ්‍යත්වයේ සැබෑ සැමරීමක් වෙන්නේ ඊට මුළු ලෝකයටම එන්න පුළුවන්නම් විතරයි’’ යැයි ද හෙතෙම කීය.

ඒ.එෆ්.පී. 

055   



අදහස් (0)

’ටෝකියෝ ඔලිම්පික් උලෙළ පවත්වන්න බෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site