(රන්න චන්ද්‍රසේන ගමගේ)
රට තුළ පවතින අයහපත් වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
තමන්ගේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තම රජය වඩා සැලකිලිමත් වන බවත් එම නිසා මෙම තීරණය ගත් බවත් ඔවුහු පැවසූහ.
COMMENTS
මෙයාලා දේශපාලනේ කරන එක සම්පූර්ණයෙන්ම නතර කරනවා නම් ඒක තමයි රටට කරන්න පුළුවන් හොඳම යහපත...
අපේ රණවිරුවන් රට බේරගන්න යුද්ද කරද්දී.. එංගලන්තයේ හැංගිලා සිටි කෙනෙක් තමයි.. නාමල් කියන්නේ ..
මෙඉන් අපට ඉඟියක් දෙන්නේ ඡන්දය කල් යන බවද ?
බලලෝභී, දුෂිත ,බඩගොස්තරවාදි දේශපාලුවෝ ?රට ගැන කෙසේ වෙතත් බල තණ්හාව, පැවැත්ම ගැන හිතන අය කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ?
මේ ගොයියෝ මෙහෙම ටෝක් දෙනකොට සූත්තර පුංචියි, සජිත් ගොයියයි, කලුකුමාරයයි ඩෙගා නටයි... කෑමොර දෙයි.. කෙසේ වෙතත් රටේ ඇතිවී තිබෙන තත්වය අනුව දේශපාලුවන් කෙසේවෙතත් මිනිසුන් වශයෙන් මෙන්ම රටේ පුරවැසියන් වන අපට අතිමහත් වූ වගකීමක් තිබෙන බැවින් දේශපාලුවන්ගේ වහසිබස් වලට නම් රැවටීමේ ක්‍රමය නවතා දැමිය යුතු නොවේද?
ඇයි 2/3 කෝ?
පණ බයේ කොහොමද රටක් කරන්නේ? පව් අප්පා...
නාමල් බයවෙලා ඇත්තේ මිනිහටත් කොරෝනා හැදෙයි කියලා. ඒකයි ප්‍රචාරක කටයුතු නතර කරන්න ඇත්තේ...
නාමල් පුළුවන් වුණොත් ඡන්දෙත් නවත්වන්න. මොන ඡන්දෙද ඔයාලා හොඳට රට කරගෙන යන්නේ..? ජනතාවට සහන දීලා, දැන් ලංකාව තමයි ලෝකෙන්ම බඩු මිල අඩු, තෙල්මිල අඩු, පඩි වැඩි, රට... අපි දැන් අපායේ නෙමෙයි ඉන්නේ දිව්‍ය ලෝකේ...
කොහොමත් ඔය පව්ලට අපි ඡන්දය දෙන්නේ නැහැ....වෙන රස්සාවක් හොයාගන්න. මුකුත්ම කරන්න දන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේදී කළා වගේ " හොරකම් "කරන්න.
මැතිවරණය පවත්වන සමයේ වල්ගාතරුවක් පායන්නට බොහෝ ඉඩකඩ ඇත. දෑත් පිරිසිදු අය වුණොත් ජය නියතයි. විභාග වංචා, හොර සහතික, එකී මෙකී දූෂණ, වංචා කළ අයට නම් ජයක් නොලැබේ. ඒ නිසාම කළින් මේ වගේ තීරණ ගන්න එක නුවණට හුරු බව කිවයුතුයි.
ප්‍රචාරක වැඩ, රැස්වීම් නවත්වන්නේ මිනිස්සු ගැන හිතලා නොවෙයි. තමන්ට කොරෝනා හැදෙයි කියන බයට... රටට ආදරය කරන මරු දෙන්නෙක්. මේ මිනිස්සු ගැන මේ මිනිස්සු නොදන්නවා ඇති. ඒත් මිනිස්සු දන්නවා රාජපක්ෂලාගේ චර්යාව. රට වෙනුවෙන් කළ හැකි හොඳම සහ වටිනාම දේ දේශපාලනයෙන් තොලොංචි වෙලා යන එකයි.
මහප්පලා, පුතාලා ඒකෙනුත් වාසි ගන්න බලන්නේ. රටේ බෝම්බ පිපිරෙද්දි අරලියගහ මන්දිරයේ බන්කර් හදාගෙන හිටපු අය. දැන් ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරනවා. ඔච්චරටම රටේ මිනිස්සුන්ට ආදරේ නම් ඡන්දය කල් දාපල්ලකෝ. රට අනාථ වෙලා ඉන්න වෙලාවක තව කෝටි ගාණක් වියදම් කරගෙන ඡන්ද තියන්න යනවා. රටේ මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි නෑ කියන අය ඡන්දෙට ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. මේවට රැවටෙන අයත් මේ රටේ ඉන්නවා. ඒකයි දුක...
සනත, කැන්ඩි සහ රවි, එතකොට කවුද දේශපාලනය කරන්න ඕනේ..? රනිලුයි සජිතුයිද..? පව්නේ...
හොඳ තීරණයක්. මිනිස්සුන් කියන්න කලින් දේශපාලකයන්ට සාමාන්‍ය දැනීම තියෙන බව පෙන්වපු එක හොඳයි.
ප්‍රචාරයක් ඇතත් නැතත් උඩින් දිනුම්. ඔය පැත්තේ කට්ටිය හරියටම කියනවා නම් ඔය පවුලේ ප්‍රවේනි දාසයින්. මිනිස්සුන්ට අනිත් කරුණු කාරණා අදාළ නැහැ.
ඔබලාගේ සමගි බලවේග ජවිපෙට පච අහන්න තවත් අපි ලෑස්ති නැත...
අනිවාර්යයෙන්ම මේ ගොල්ලෝ ඡන්දේ කල්දාන්න තීරණය කරලා ඇති. එ්ක නොකියා කැටයම් දානවා හොඳනම ගන්න.
මේ ගොල්ලන්ට කොරෝනා හැදුණොත් ඒක කොරෝනා වසංගතේ අවසානය තමයි.
කරලා තියෙන දූෂිත වැඩවල හැටියට පවුල් පාලනේ අයත් කොරෝනා වලට බය ඇති...
අපි කොච්චර කතාකළත් වැඩක් නැහැ.. හැමදාම ගිහින් කතිරෙ ගහන්නේ ඒ අයටමනේ... කවදාවත් හදන්න බැරි දේශපාලකයෝ හා හදන්න බැරි ජනතාවක් ඉන්නේ... ඒ අයට හරියන්නේ නාමල් වගේ අය තමයි.
අයියෝ, එන්න එන්න. කුරුණෑගලට, වෙන්නපුවට, ඉතාලි අයගේ ඡන්දේ දිනාගන්න.
චමල් - නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවති. ඒක ඉතින් අපි හොදයි කියමුකෝ.එත් දැන් ඩොලර් ඒක කීයද? රු.188 ක් වෙනවා බැංකුවේ විකුණන ගණන.මේක ලංකා ඉතිහාසේ ඩොලරය වැඩිවුණු අධිකම මිල. අනික දැන් අලුත් අවුරුදු සමය.අපි පරිහරණය කරන්නේ 99% පිටරට දේවල්. මේ අධිකම මිල ඩොලරයත් සමග අවුරුදු සමයට ගෙනෙන බඩු වල මිල ගණන් කොයි තරම් ඉහළ යයිද? මේ ගැන රජයේ අවධානය වහාම යොමු වේවා !
පරදියි කියලා බයද ?
අපි බලන් හිටියේ හොර පෙරකදෝරුවා එළි බහිනකම් රවී ඇල්ලුවද කියලා අහන්න... අනික් උන්දැ ගෙට වෙලාම ඉන්න එක හොඳයි. නැත්නම් ඡන්දෙට ඉස්සෙල්ලා කොරෝනා හදාගෙන කනත්තට තමයි යන්න වෙන්නේ..