
චීන ජනතාවට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය, එන්නත බෙදාහැරීම සහ එන්නත විදීම යනාදී එන්නත්කරණයට අදාළ සියලු වියදම් ජනතාවගෙන් අය කර නොගන්නා බවත් අදාළ වියදම් වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රාජ්‍ය මුදල්වලින් පියවා ගන්නා බවත් චීනයේ ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂක පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලි තාඕ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
එන්නත්වලට අනුමැතිය ලැබුණු විගස එය ජනතාවට ලබාදෙන බව ද සියලු දෙනාට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එන්නත ලබාගත හැකි බව ද හෙතෙම කීය. මේ අනුව කිසිදු පුරවැසියකු ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා මුදල් නොගෙවිය යුතු බව ද රටවැසියන්ගේ ජීවිතයට මුල්තැන යන ප්‍රතිපත්තිය යටතේ මෙලෙස නොමිලේ එන්නත ලබාදෙන බව ද ඔහු කීය.
‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමෙන් වෛද්‍ය රක්ෂණ අරමුදලේ දැනට ලබන ආදායම් හෝ වියදම්වලට හෝ සහ නේවාසිකයන්ට කරන ප්‍රතිකාරවලට අදාළ වියදම්වලට බලපෑමක් නොවන බව ද හෙතෙම පැවැසීය.
‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීම මඟින් සාමාන්‍ය නිෂ්පාදනය සහ ජීවිතයට මහජනතාවට ඇති විශ්වීය ඇති අයිතිය සහ ආරක්ෂාව සුරක්ෂිත වන බවත් ලි තාඕ තවදුරටත් කීය.
බීජිංහිදීය (ෂිංහුවා ඇසුරිනි)
ඡායාරූපය - රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
890
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2520
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
චීන වැසියන්ට කොවිඩ්-19 එන්නත නොමිලේ