( පී.එම්. රාජපක්ෂ)

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  ගෙවුණු පැය 24 තුළ ආසාදිතයින් 431 ක් වාර්තාව වීමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව  19,980 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින්  මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 10,783කි. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්ආසාදිතයින් 4,762 දෙනෙකුද  මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,435 දෙනෙකු ද මේ දක්වා වාර්තා වී ඇත.

මධ්‍යම පළාත තුළින් ගෙවුණු පැය 24 කාලයේ වාර්තාවූ නව ආසාදිතයින් සංඛ්‍යාව 431කි. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 214 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 160ක් හා මාතලේ දිස්ත්‍රික්කයේ 57ක් ලෙසිනි.

මේ දක්වා මධ්‍යම පළාතේ වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 381 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ මහනුවර දිස්ත්‍රික්කයෙන් 235ක් හා මාතලේ දිස්ත්‍රික්කයෙන් 74ක් හා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 72 ක් ලෙසින් මෙම මරණ වාර්තා  වූහ.