
(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ලේ දෙද්දුගොඩ දී පසුගිය 19 වනදා මියගිය කොරෝනා ආසාදිත පුද්ගලයාගේ මළ සිරුර අද(24) රජයේ වියදමින් ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී ආදාහනය කෙරිණි.
මෙලෙස මියගොස් තිබුණේ 84 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. ඔහුගේ මරණය හෘදයේ සංකූලතා හා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් සිදුවූවක් බව මරණ පරීක්ෂණයේ දී තීරණය විය.
මුස්ලිම් ජාතිකයෙකු වූ මියගිය තැනැත්තාගේ සිරුර, ආදාහනයට විරුද්ධ වූ ඥාතීන් විසින් බාර නොගැනීම නිසා මෙලෙස රජයේ වියදමින් ආදාහන කටයුතු සිදුකරන ලදී.


COMMENTS
මියගිය කෙනෙකුගේ අයිතිය පවා අහිමි වෙමින් යනවා.
මුස්ලිම් අයගේ ඊළම පැත්තකට දාමු. රජයට මාගේ ප්‍රණාමය... කොවිඩ් වලින් මිය ගිය සියලු දෙනාම සජිත් මහතාගේ වත්තේ භූමදානය කරන්න.
රටක පොදු නීතිය සැමට එකවාගේ විය යුතුය. එය ආගමෙන් ආගමට, ජාතියෙන් ජාතියට වෙනස් නොවිය යුතුය. සියලු කොවිඩ් මෘත දේහ ආදාහනය කරන්න.
ජාති, ආගම් ඛෙදයකින් තොරව අපි සැවොම ඔබට නිවන්සුව පතන්නෙමු...
කොවිඩ් 19 විසදා ගැනීමට විද්‍යාවේ සහාය පමණි අවශ්‍ය වෙන්නේ... අවිද්‍යාව වැළද ගතහොත් කොවිඩ් අපව වැළද ගනු ඇත. ජාති ආගම් සංස්කෘතීන්ට පළමුව ජීවිත බේරා ගත යුතු ය.
මළමිනී දේශපාලනයේ උච්චතම අවස්ථාව....
මේ ප්රශ්නය අනවශ්‍ය ප්‍රශ්ණාවලියක් ඇතිකරමින් පවතිනවා. අන්තිම කොන අවස්ථාවාදී ජාතිවාදයතට රට යොමුවීමයි. වලලනවාද, ආදාහනය කරනවාද යන්නට විද්‍යාත්මක එකඟතාවයක් ඉතා ඉක්මනින් අවශ්‍යයයි.
මට නම් මැරුණාට පස්සේ මොනවා වුණත් එකයි..
ඥාතීන් විසින් බාර නොගන්නා සියලු සිරුරු රජය මගින් ආදාහනය කරන්නේ නම්, මියගිය තැනැත්තා සතු දේපොලද රාජසන්තක කල යුතුය.
ඔයා හරි ලුම්බිණි. 1. මුස්ලිම් අය වලනවට කැමතියි. 2.එයාලට 100% විශ්වාසයි වැළලීම නිසා ලෙඩේ බෝවෙන්න ඉඩක් නැහැ කියල 3. එම නිසා පල්ලියේ වත්තේ හරි ,මුස්ලිම් ගම්මානයක ඇති කනත්තක හරි වලලුවට කමක් නැහැ අනිත් අය 1.එයාලට බයයි. 2.එම නිසා අනිත් මලසිරිරු වළලන (ඔවුන් ගේ කොවිඩ් මලසිරිරු ආදාහනය කරන්න කැමතියි) පොදු සුසාන භුමි වල වලදමිම නොකලයුතුයි. මොකද ඔවුන් වලලපු කොවිඩ් සිරුරු නිසා බෝ වෙයි කියන මතයේ ඉන්නවා. ඔවුන්ගේ අයිතියද රැකිය යුතුයි. කැලේ සත්තුන්ටත් බෝවෙන්න පුළුවන් කියල අනිත් අය බයයි. එම නිසා කැලේ ඉන්න සත්තු අමාරුවේ දාන්නත් බැහැනේ. ඒ නිසා කැලේ වලලන්නත් එපා. කරන්න තියෙන එකම දේ... වලලුවොත් කිසිම දෙයක් වෙන්නේ නැහැ කියල කියන පිරිස ඉන්න පලාතක ඔවුන්ට ඔවුන්ගේ පල්ලියේ වත්තේ වලලන්න. එතකොට වලලන එකට බය අයත් බේරෙනවා. වළලන නිසා ප්‍රශ්නයක් නැහැ කියන අයත් බේරෙනවා....
මෙකට උත්තරයක් ලබන්නත් ලංකාව මහනායක හාමුදුරුවරු යවන්නම ඔනෑ... එතකොට තමයි හාමුදුරුවරු අපවත් වුණාම පුච්චනවද, වලදානවද කියලා කතාවක් ආවම...?
හරි වුණත්, වැරැදි වුණත් කෙළින් තීරණ ගතහැකි පාලකයෙක්ට ඇබෑර්තුවක් තිඛෙ...
මෙක කරපු අයට අනිවාර්යයෙන් අල්ලා දඩුවම් දෙනවා.
බෞද්ධයින්ට පාංශුකූලය දෙන්න ඉඩදෙන්න... අඩුගානේ ඒ ගැන කතාකරන්න සජිත්ට කොන්ද පණ තිබුණා. මහලොකු සිංහලේ.... බෞද්ධ කියන බෝර්ඩ් ගහගත්තු අයට වඩා...
මෙය නීතිවිරෝධී ක්‍රියාවකි. උසාවි නියෝගය කඩකිරීමකි.
මේ කව්ද? මොනවද කියන්නේ..? මැරිච්ච කෙනාගේ අයිතිවාසිකම් කතා කරනවා ජීවත් වෙන අයගේ අයතිවාසිකම් නොසලකා... මේවගේ අය ගෝල්ෆේස් පිට්ටනියට ගෙනෙනවා නම් මම ගල් ලෝඩ් එකක් එවන්නම්..
මේ ගෙනියන්නේ මුස්ලිම් මල සිරුරක් නොවෙයි. ඒ ගොල්ලෝ පෙට්ටිවල දමන්නේ නැහැ ටොපියක් වගේ ඔතලා වලදානවා.