
(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා ආසාදිතයකු පැමිණි බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා තිබේ.
මෙලෙස වසා දැමීමට හේතු වී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු යැයි ඊයේ (02) තහවුරු වූ ධීවර ව්‍යාපාරිකයකු පසුගිය දින කිහිපයේ ගාල්ල ධීවර වරායට විවිධ කටයුතු සඳහා පැමිණ තිබීමයි.
ගාල්ල ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසන්නේ එම ධීවරය ව්‍යාපාරිකයා පීසීආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල ලබාදිමෙන් අනතුරුව වාර්තාව ලැබීමට පෙර ගාල්ල ධීවර වරායට පැමිණ ඇති බවයි.
ඔහු සම්බන්ධතා පැවැත්වූ ධීවරයන් පිළිබඳ තොරතුරු සෙවීමේ පහසුව සඳහාත් ධීවර වරාය විෂබීජහරණය කිරීම සඳහාත් මෙලෙස වසා දමා තිබේ.
ගාල්ල ධීවර වරාය කමිටුව පවසන්නේ මෙලෙස තාවකාලිකව ධීවර වරාය වසා දැමුවේ සෞඛ්‍ය අංශවල ඉල්ලීමකට නොව ධීවර සංගම් විසින්ම ස්වේච්ඡාවෙන් ගත් තීරණයකට අනුව බවයි.
විෂබීජහරණ කටයුතු අවසන් වූ වහාම වරාය යළි විවෘත කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීසීආර් කළාට පස්සේ ප්‍රතිඵල එනකම් කොහෙවත් යන්න එපා කියලා කොච්චර කිව්වත් අපේ මිනිස්සු අහන්නෙ නැහැ. අනේ මන්දා මෙ මිනිස්සු කවදා හැදෙයිද කියලා...? මෙ රටම විනාශ වෙන්නේ මෙ වගේ ආත්මාර්ථකාමී දුරදිග හිතන්නේ නැති මිනිස්සු නිසා තමයි.