
උපුල් හේරත්
ගල්කිරියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන තුනක වැසියෝ සැලකිය යුතු ප්‍රමාණයක් කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් දින තුනක කාලයක් එම ප්‍රදේශයන්හි වෙළඳ සැල් වසා තැබීමට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත .
ගල්කිරියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැල්බැදියාව , ආඬියාගල ,හා ගම්බිරිගස් වැව යන ගම්මාන වල වෙසෙන ජනතාව ගෙන් 50 කට අධික සංඛ්‍යාවක් කෝවිඩි 19, රෝගය ආසාදනය වීම හේතුවෙන් එම ගම්මානවල පිහිටි වෙළඳ සැල් දින තුනක් වසා තැබීමට ගල්කිරියාගම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත .
කොවිඩ් රෝගය වැලඳුන රෝගීන් ඔවුනගේ නිවෙස්වලම නැවතී සිට ප්‍රතිකාර ලබා ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිරියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් නැත...