(ඩී.ජී.සුගතපාල)
කොරෝනා ආසාධිත වු සංචාරකයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ රියදුරා නරතව සිටි ගාල්ල කොටුවේ සංචාරක හෝටලයක් වසා එහි සේවක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකිරීමට සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන ඇත.
මෙම හෝටලයේ නතරව සිටි එංගලන්ත ජාතිකයින් දෙදෙනෙකු පසුගිය 17වනදින ලංකාවෙන් පිටව ගොස් ඇති අතර එයට දින කිහිපයකට පසු එම දෙදෙනාගේ රියදුරු ලෙස සේවය කරන ලද නුගේගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාධනය වීම නිසා අයි.ඩී.එච් රෝහලට ඇතුලත් කර තිබේ.
ඔහුගෙන් අනාවරණය කර ගන්නා ලද තොරතුරු අනුව මෙසේ හෝටලය වසා සේවක පිරිස නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇත.මේ අතර එංගලන්ත ජාතිකයින් දෙදෙනාටද කොරොනා වැළඳීම නිසා එරට රෝහල් ගතකර ඇති බවද අනාවරණයවි ඇත.
දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරියෙකු පැවසුවේ ඔවුන් ඇසුරු කරන ලද පුද්ගලයින් 83ක්ද හඳුනා ගෙන ඇති බවය.
හෝටලයේ කළමනාකාර විදේශිකයා ඇතුලු සේවකයින් කිහිප දෙනෙකු හෝටලය තුලම නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙක් සේවක පිරිස නිවෙස්වලට යවා ස්වයං නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇත.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගාලු කොටුවේ සංචාරක හෝටලයක් වහයි- සේවකයන් නිරෝධායනයට
සෙනෙවිරත්න Tuesday, 24 March 2020 06:50 AM
මෙහෙම තමයි රෝගය සමාජගත වෙන්නෙ;...