(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් අද (18) උදෑසන වනවිට ගතවූ පැය 24ක කාලය තුල 261 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් හමුවෙද්දී දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2046 දෙනෙකු වාර්තා ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි මේ බව සදහන් වන අතර දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම දිවුලපිටිය - 239 ක්, කටාන - 191 ක්, ගම්පහ - 183 ක්, බියගම - 176 ක්, වත්තල - 172 ක්, සීදූව - 164 ක්, මිනුවන්ගොඩ - 127 ක්, මීරිගම - 125 ක්, ජාඇල - 102 ක්, රාගම - 92 ක්, මීගමුව සහ කැලණිය කොට්ඨාසයන්ගෙන් - 56 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 55 ක් සහ දොම්පෙ කොට්ඨාසයෙන් - 47 ක් වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 71 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 52 දෙනෙකු වශයෙන්ද, බියගමින් - 9 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 10 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් 392 දෙනෙකු දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ඇතුලත් කොට ඇති අතර සැක සහිත රෝගීන් 59 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට යොමු කොට ඇත.
නිරෝධායනයට ලක් කොට ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 29,594 දෙනෙකි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම්පහින් ආසාදිතයන් 2046ක් වාර්තා වෙයි
Sri Lanka Wednesday, 18 August 2021 12:26 PM
කොරෝනා වවන් කන්න එපා .බොර දියේ මලු බාන්න එපා