(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 1825 දෙනෙකු අද (16) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල හමුව ඇති අතර 222 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 215 ක්, ජාඇල - 201 ක්, වත්තල - 198 ක්, ගම්පහ - 187ක්, කැලණිය - 159ක්, මිනුවන්ගොඩ - 155ක්, සීදූව - 146ක්, මීරිගම - 109ක්, අත්තනගල්ල - 90ක්, කටාන - 45ක්, දොම්පෙ - 44ක්, මීගමුව - 22ක්, රාගම - 18ක් සහ දිවුලපිටිය කොට්ඨාසයෙන් - 14 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
ගතවු පැය 24 ක කාලය තුල තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 83 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල ආසාදිතයින් 562 කු රෝහල් ගත කොට ඇත. සැක සහිත රෝගීන් 81 දෙනෙකු රෝහල් ගත කොට ඇති අතර ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 383 දෙනෙකි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 28,460 දෙනෙකි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම්පහින් ආසාදිතයන් 1825ක් වාර්තා වෙයි