( ක.ග.කරුණාරත්න )
කොරෝනා වයිරසය ආසාදිත බවට පොලොන්නරුවෙන් හමුවූ ප‍්‍රථම රෝගියා වන නාවික සෙබළා ඔහු සේවය කල වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පොලොන්නරුවේ පුලස්තිගම පිහිටි සිය නිවෙස දක්වා පැමිණ ඇත්තේ වාහන ගණනාවක නැඟී බව මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මොහු ඉකුත් 18 වෙනි දින රාජකාරි කල වැලිසර නාවික හමුදා කඳවුරට අයත් වාහනයකින් කොළඹ කොටුවට පැමිණි බවත් එතැන් සිට මනුවර බලා යන බස් රථයක නැඟී වරකාපොල දක්වා පැමිණි බව ප‍්‍රකාශ කර ඇත.
පසුව ත‍්‍රිරෝද රථයෙකින් අලව්ව නගරයට පැමිණ තිබේ. අලව්වේ සිට කුරුණෑගල දක්වා තවත් වාහනයකින් කුරුණෑගල නගරය තෙක් පැමිණ ඇති අතර එහිදී එළවලූ මිළදී ගැනීම සඳහා දඹුල්ල දක්වා එන කුඩා ලොරි රථයක පිටපසට ගොඩවී ඇති බව කියා තිබේ.
ඒ අවස්ථාවේ දඹුල්ලට යාමට තවත් කිහිප දෙනෙකුද ලොරියේ පිටුපස සිටි බව නාවික සෙබළා ප‍්‍රකාශ කර ඇත.
මේ පුද්ගලයා දඹුල්ල නගරයට පැමිණ එහි ටික වේලාවක් රැඳී සිටින විට මින්නේරිය ප‍්‍රදේශයේ පිහිටි සහල් මෝලකට අයත් සහල් ප‍්‍රවාහනය කරන ලොරියක් පැමිණ තිබේ.
එම ලොරිය නවත්වාගෙන එහි නැඟී මින්නේරිය නගරයට පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පැවැතීම නිසා පොදු ප‍්‍රවාහන සේවා බස් රථ ආදිය නොමැති හෙයින් මින්නේරිය නඟරයේ සිට හිඟුරක්ගොඩ දක්වා කිලෝ මීටර් 05 කට වැඩි දුරක් පයින්ම පැමිණි බව නාවික සෙබළා පවසා තිබේ.
එතැන් සිට පුලස්තිගම අභයපුර පිහිටි සිය නිවෙසට ගොස් ඇත්තේ ත‍්‍රිරෝද රථයෙකින් බවත් නිවෙස ආසන්යට ගොස් නිවෙස දක්වා මඳ දුරක් පයින් ගිය බවද නාවික සෙබළා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.
මේ ආකාරයට මෙම නාවික සෙබළා ගමන් ගත් බව කියන රථවාහන අතුරින් ලොරිය සහ ත‍්‍රිරෝද රථය හඳුනාගෙන ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.
එම ත‍්‍රිරෝද රථයේ රියැදුරාත් ලොරියේ රියැදුරු සහ එහි සහායකත් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු
බලන්න කොච්චර දුකක් විදලද ගෙදර යන්නේ. පව්
අඩුමගානෙ මේ දවස් ටිකටවත් රණවිරුවන්ට ගෙවල්වලට යෑම සදහා ප්‍රවාහන පහසුකම් ලබා දෙනවනම් ඉතා වටිනවා. මොකද මාස ගණනක් එක දිගට වැඩ කර ගෙවල් වලට යෑමටත් ඉතා දුකක් විදිනවා මොවුන්...
ඇත්තටම මේ අපේ රණ විරුවෙක් නේද අපි අදටත් මෙහෙම නිදහසේ ඉන්නේ අපේ රණ විරුවෝ කරපු කැපකිරීම් නිසා නේද එහෙම රණ විරුවෙක් නිවාඩු අරගෙන තමන්ගේ ගෙදරට යන්න මේ තරම් දහදුකක් විදින්න ඕනද? ඇදිරිනීති කාලයේදී මෙයාලගේ ප්‍රවාහනය ගැන කිසිම තැකීමක් කරන්නේ නැත්ද? ඔන්න දැන් නිවාඩු කියලා නිකම්ම පාරට අතැරලා දානවද? අපේ ලොකු ලොක්කෝ මහලොකුවට මාද්‍ය ඉස්සරහට ඇවිත් කියන්නේ නම් රණ විරුවන්ට දෙවියන්ට වගේ සලකනවා කියලා නේද? බොරු පුරාජේරු කතා විතරයි. රණවිරුවන්ට සලකන විදිය මේකෙන්ම හොදට පේනවා. කෝටිගණන් හොරකම් කරපු දේශපාලුවෝ AC වාහනවල යනකොට රණවිරුවෝ හැතැප්ම ගණන් පයින් යනවා. අතිගරු ජනාධිපතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, හමුදාපතිතුමනි ඔබලාගේ කාරුණික අවදානය පිණිසයි.
නිවාඩු ලබා නිවෙස්වලට යන පොලිස් හා හමුදා නිලධාරීන් ඒ වගේම මේ කොරෝනා වෛරසය වෙනුවෙන් අනේකවිධ කැපකිරීම් කරමින් සේවය කරන අතර තුර නිවෙස්වලට යන සැවෝම පිටත්වීමට පෙර අදාළ පරීක්ෂනයකට යොමුකරනව නම් නේද හොද? එහෙම වුණි නම් වැඩේ මෙච්චර දුරදිග යන්නේ නෑ නේද කියල මට හිතෙනව...
අනුර ඔබේ අදහස මමත් අනුමත කරනවා. උසස් නිලධාරී තමන්ගේ පෞද්ගලික පරිහරණයට මොනතරම් වාහන ප්‍රමාණයක් භාවිතා කරනවද. ඉතින් මේ අවස්ථාවේදීවත් මෙතරම් කැපකිරීමක් කරන සුළු නිලධාරීන් හා සොල්දාදුවන්ටත් අඩුතරමේ තමන්ගේ නිවසට යන්නවත් ප්‍රවාහන පහසුකමක් සපයනවානම් ඉතා අගනේය..මා මේදේ සටහන් කලේ කිසිම උසස් නිලධාරී මහත්මයකුට අපහාසයක් හෝ චෝදනාවක් කිරීමේ අදහසකින් නොවන බව මම ප්‍රකාශ කරමි.
මේ අයට ගෙදර යන්න විදියක් හදලා දුන්න නම් වටිනවා නේද. අනික එහෙම වුණා නම් මේ තරම් හානියක් වෙන්නෙත් නෑ නේද.