බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඇදිරි නීතිය නිසා කළුතර දිස්ත්‍රික්කය තුල වසා තිබෙන කර්මාන්ත වලින් කර්මාන්ත ශාලා 75 ප්‍රමාණයකට හෙට දින ආරම්භ කිරීමට නිර්දේශ ලබා දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
එම කර්මාන්ත ශාලා වලින් 63 ක් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් බව ඉතිරි 12 ජාතික සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් බව අධ්‍යක්ෂකවරයා කීය.
කළුතර දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත 303 පිහිටා ඇත. එයින් 265 දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ බවත් ඉතිරි ඒවා ජාතික සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය .
අදාළ කර්මාන්ත ශාලාවල හිමිකාරත්වය විසින් ඒ සඳහා කරන ඉල්ලීම් අනුව එය අධීක්ෂණය කර සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් නිර්දේශ ලබා දී ඇති අතර ඒ සදහා සෞඛ්‍ය උපදෙස් මාලාවක් ලබා දීමට සැලසුම් කර ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂක වරයා සඳහන් කරයි .
හෙටින් පසු ආරම්භ කරන කර්මාන්ත ශාලා ඒ ඒ සෞඛ්‍යය බල ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු නිලධාරියකු ඇතුළු මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන් අධීක්ෂණය කරනු ලබන බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලනාධිකාරියෙම දෙතුන් දෙනෙකුට බෝ උනාම තේරේවි හම්බ කරන සල්ලි වලින් පලක් නෑ කියලා...
සින්ගප්පුරුවත් කොරෝනා පාලනය කරා කියලා රට විවෘත කලා අන්තිමට දැන් රෝගීන් හමු වෙන සංඛ්‍යාව දැන් වැඩි