(සුජිත් හේවාජුලිගේ )
සමාජයේ කොවිඩ් පැතිරීම වැඩි වීම සමග කොවිඩ් ආසාදිත දරුවන් රෝහල්වලින් වාර්තාවීමද ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.
කොවිඩ් ආසාදිත දරුවන් පස්දෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පසුගිය දිනවල හමුවූ බවද හෙතෙම සඳහන් කළේය.
මේ දරුවන් පස්දෙනා වාර්තා වී ඇත්තේ එකම කොවිඩ් ආසාදිත දරුවකු හෝ වාර්තා නොවී පැවති පසුබිමක වීම විශේෂත්වයකි.
මේ වසරේ මුල් කාලයේදී වරින් වර කොවිඩ් ආසාදිත දරුවන් 315ක් පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වූ අතර පසුව එම සංඛ්‍යාව බින්දුව දක්වා පහළ ගොස් තිබුණු බව රෝහල් ආරංචිමාර්ග වලින් පැවසිණ.
දරුවන්ට උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතී නම් ඔවුන් පාසල් පාසල් යැවීමෙන් වළකින ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
එවැනි ලක්ෂණ පවතී නම් දරුවන්ට මුවා ආවරණයක් පැලඳීමට ලබාදිය යුතු බවත් ඔවුන් අනෙක් අයගෙන් තරමක් ඈත් කර තැබීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් ඔහු සඳහන් කළේය.
පොදුවේ සමාජයේ කොවිඩ් පැතිරීම ද වැඩි වී ඇති හෙයින් විශේෂයෙන් ම පොදු ස්ථානවලදී මුව ආවරණ පැලදීම අනිවාර්යෙන්ම කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.
මේ අතර සැකකටයුතු රෝග ලක්ෂණ සහිත රෝගීන් කොරෝනා පරීක්ෂණ පරීක්ෂණවලට යොමු කිරීම සහ යොමුවීම බෙහෙවින්ම අඩු වී ඇති හෙයින් සමාජයේ කොවිඩ් රෝගීන් පිළිබඳව නිවැරදි මිම්මක් ලබා ගැනීමට අද දවසේ නොහැකි වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොවිඩ් දරුවනුත් වැඩිවෙලා