IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමට කැබිනට් අනුමැතිය

(ඩයනා උදයංගනී)

කොවැක්ස් පහසුකම යටතේ කොවිඞ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමග ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

කොවිඞ් වයිරසයට එරෙහි ඵලදායී එන්නතක් නිෂ්පාදනය කිරීමෙන් පසු එය සමාන වශයෙන් රටවල් අතර බෙදාහැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් රජයන් සහ අදාළ නිෂ්පාදකයන් ඒකාබද්ධ කරනු ලබන ගෝලීය ප්‍රවේශය වන කොවැක්ස් ක්‍රියාවලියට ශ්‍රී ලංකාව මේ වන විටත් ඇතුළත් වී සිටී.

ඒ මගින් කොවිඞ් -19 එන්නත් මාත්‍රා ලබා ගැනීමට ශ්‍රී ලංකාව සුදුසුකම් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඇතුළත් එන්නත් හා ප්‍රතිශක්තීකරණය සඳහා ගෝලීය සන්ධානය විසින් ද තහවුරු කර ඇති නිසා ඒ වෙනුවෙන් ගිවිසුම්ගතවීමට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ එන්නත් පහසුකම් ලබාගැනීම සඳහා අදියර දෙකක් යටතේ එන්නත් ඉල්ලුම් අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්නැයි රටවල් වෙත දැනුම් දී ඇති අතර එන්නත් ලබාදීමේ ඉලක්කගත කණ්ඩායම සහ එන්නත් ගබඩා කිරීමේ ධාරිතාව පිළිබඳ තාක්‍ෂණික තොරතුරු ඇතුළත් එන්නත් අයදුම්පතේ පළමු කොටස ඉකුත් දෙසැම්බර් 7 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ බවත් එය නිසි වේලාවට ඉදිරිපත් කළ බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.

මෙහි දෙවැනි අදියර වන එන්නත් ලබාගැනීම සහ ඊට අදාළ වන්දිපූරණ ගිවිසුමට එළඹීම සඳහා ලබන 8 වැනිදාට පෙර අයදුම් කළ යුතු අතර නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් අනුව දෙවැනි ඉදිරිපත් කිරීමට අමාත්‍යවරිය යෝජනා කර තිබේ.

ඒ අනුව කොවැක්ස් පහසුකම මගින් එන්නත් වෙන්කර දෙනු ලබන අවස්ථාවේදී අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.



අදහස් (9)

කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමට කැබිනට් අනුමැතිය

ISURU Tuesday, 05 January 2021 08:10 AM

එන්නතේ කොලිටිය හෙණගැහුවත් කමක් නැහැ.. කොමිස් මුදල ගැන බලන එක වැදගත් නේද? අපේ හාමුදුරුවනේ?

:       2       3

KAMIL Tuesday, 05 January 2021 08:12 AM

කෝවිඩ් 19 එන්නත කොමිස් වැඩියෙන්ම දෙන එක ගනීවි මෙයාලා...

:       0       4

THILAK Tuesday, 05 January 2021 08:16 AM

එන්නතද? කොවිඩ්ද? කොමිස්ද? හොඳ එක දෙන්න සර්...?

:       1       6

KAL PUTHA Tuesday, 05 January 2021 08:18 AM

කොමිස් එක වැඩියෙන් දෙනවා නම් වතුර පුරවපු කුප්පි හරි ගමු.

:       1       7

kithsiri Tuesday, 05 January 2021 08:26 AM

මෙන්න හොඳට කොමිස් කන්න වැඩපටන් අරගෙනෝ...!!!

:       1       6

sharm warn Tuesday, 05 January 2021 09:36 AM

එතකොට අර පැණි මහත්තයාව රට වටේ යවලා පොඩි ප්‍රදර්ශනයක් කළේ. කාව සතුටු කරන්නද? මේවා ජාතික අපරාද නෙමෙයිද? ඒ නටපු නාඩගමට දහස් ගණන් මිනිස්සු කෑගල්ලේ ගිහින් පොර කාලා තුවාල කරගත්තා. එතැන හරි කෝවිඩ් ලෙඩෙක් හිටියා නම් ධම්මික පොකුරක් නිර්මාණය වන හැටි අපිට නරඹන්න තිබුණා.

:       0       2

kaamini Tuesday, 05 January 2021 09:46 AM

මේවා වලට කියන්නේ කොවිඩ් කොමිස් කියලයි දරුවනේ...

:       0       1

fairoos Tuesday, 05 January 2021 09:57 AM

එතකොට පැණිය හොඳ නැද්ද?

:       1       1

thilaka Tuesday, 05 January 2021 04:29 PM

කෝවිඩ් 19 ආණ්ඩුවට සුවිප් එකක් වෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31542 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13900 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 158 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site