IMG-LOGO

කුලියාපිටියට දුරබැහැරින් පැමිණ වෙළදාමේ නියැලෙන පිරිස් ඉවත් කරයි

( දිනේෂ් උපේන්ද්‍ර)
 
දුර බැහැර ප‍්‍රදේශවල සිට පැමිණ කුලියාපිටිය නගරයේ ප‍්‍රධාන මාර්ග මායිම් වල වෙළදාම් කරන සියලු ව්‍යාපාරිකයින් එම ස්ථාන වලින් ඉවත් කිරීමට කුලියාපිටිය නාගරික මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පොලිසිය හා නගර සභා නිළධාරීන් පිරිසක් අද(24) කටයුතු කළහ.

එහිදී ඉකුත් ඇදිරිනීති පනවා තිබූ අවස්ථාවන්හි එය ලිහිල් කළ අවස්ථාවන්හි පාරිභොගිකයින්ට තෙරපීමකින් හා නිසි සමාජ දුරස්ථ භාවයකින් යුතුව පාරිභෝගික භාණ්ඩ මිළදීගැනීම වෙනුවෙන් එසේ මග දෙපස වෙළදාම් කිරීමට ඉඩ ප‍්‍රස්ථාව ලබාදී තිබුණද එ් සදහා දඹුල්ල, හලාවත ආදී විවිධ ප‍්‍රදේශවල වෙළද ප‍්‍රජාව පැමිණීම හේතුවෙන් එසේ වෙළද ප‍්‍රජාව ඉවත් කරීමට පියවරගත් බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පැවසීය.

එසේම මේ වනවිට සියලු කඩ සාප්පු විවෘත කර ඇති නිසා පාරිභෝගික අවශ්‍යතා නිසි පරිදි සිදුවන පසුබිමක වෛරසයෙන් ආරක්‍ෂා වීමටත් ආහාරවල සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙනුත් නැවත එසේ අනවසර පදික වෙළදාම සිදුකිරීමට අවසර නොදෙන බවද එහිදී වැඩිදුරටත් සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙන්වාදුන්හ.

එමෙන්ම සිකුරාදා ජුම්මා මෙහෙයට පිරිස සහභාගී වී ඇතැයි ලද තොරතුරකට අනුව එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී පිරිසක් යම් රැස්වීමක සිටි අයුරුත් ඔවුනට සමාජ දුරස්භාවයෙන් කුඩා කණ්ඩායමක් වශයෙන් අවශ්‍යතා ඉටුකරගන්නා ලෙසත් එහිදී උපදෙස් ලබාදුන්හ 



අදහස් (1)

කුලියාපිටියට දුරබැහැරින් පැමිණ වෙළදාමේ නියැලෙන පිරිස් ඉවත් කරයි

හරේන් Friday, 24 April 2020 07:48 PM

අනේ මේ අහිංසක වෙලෙන්දො ටික පන්නල දාල... අර ශ්‍රී ලාංකිකයො ටිකට පල්ලියෙ රැස් වෙන එක අවුලක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site