( තිළිණි ද සිල්වා )
දකුණු කොරියාවේ ඇතැම් රැකියා කොන්ත්‍රාත්තු ආරම්භ කිරීම ප්‍රමාද වී ඇති නමුත්, ඔවුන්ගේ රැකියාවන්හි සුරක්‍ෂිත බව විදේශ සබදතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා පැවසීය.
දකුණු කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඒ බව සහතික කර ඇති බව ද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
කොරියාවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රැකියා වල ස්වභාවය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාප තානාපති කාර්යාලය, කොරියානු ජනරජය තුළ ගිවිසුම් අවසන් කිරීමට නියමිතව සිටින අයගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡාවල නිරතව සිටින බවද අමාත්‍යාංශය ලේකම්වරයා කීය.
මීට අමතරව, වර්තමාන ගෝලීය වසංගත තත්ත්වය නිසා සිදුවන අවතැන්වීම් හේතුවෙන් ඇතිවිය හැකි රැකියා හිඩැස් පිරවීම සඳහා පවත්නා ඉඩප්‍රස්ථා පිළිබඳව ද එම කාර්යාලය සොයා බලන්නේ යැයිද හෙතෙම කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරියාවේ රැකියා සුරක්ෂිත බව විදේශ අමාත්‍යාංශය කියයි