(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැකකරන රෝගීන් සඳහා ස්ථාපිත කරණු ලැබු විශේෂිත වාට්ටුව සදහා මේ දක්වා කාලය තුළ ඇතුළත්ව සිටි රෝගින් 120 දෙනාගෙන් කොරෝනා බවට තහවුරු වී ඇත්තේ එක් රෝගියකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
මෙකි විශේෂිත වාට්ටුව ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා කාලය තුලදි ශ්‍රිලාංකිකයින් 104 දෙනෙකු හා විදේශිකයින් 16 දෙනෙකු ඇතුලත්ව සිටි අතර අද (25) වනවිට විශේෂිත වාට්ටුවේ ප්‍රථිකාර ලබන්නේ රොගින් 07 දෙනෙකු බැව් වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
එම රෝගින් 07 දෙනාම ශ්‍රිලංකිකයින් බවද වසංගත රෝග අංශය පෙන්වා දෙයි.
හම්බන්තොට මුලික රෝහලේ ස්ථාපිත කරණු ලැබු විශේෂ වාට්ටුවේ ආරම්භයේ සිට මේ දක්වා අතර කාලය තුලදි රෝගින් 48 දෙනෙකු ඇතුලත්ව සිටි අතර අද (25) වනවිට එම වාට්ටුවේ ප්‍රථිකාර ලබන්නේ රෝගින් 11 දෙනෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වි නැත.
මාතර දිස්ත්‍රික්කයෙන්ද එක් කොරෝනා ආසාදිතයකු වාර්ථා වි ඇති බවද වසංගත රෝග ඒකකය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි හිතේ බයත් ටිකක් අඩු වුණා දැක්කාම... හැබැයි අපේ ගමේ අයියලා මේක දැකලා කලින්ම සමරලා ආයෙත් රටම අමාරුවේ දාන්න වැඩක් සෙට් කරයිද දන්නේ නෑ .
කොහොමද ප්‍රතිඵල ? දේශපාලුවෝ නැතිව විශේෂ අයගේ උපදෙස් පිළිපැද්දහම ඇතිවන සන්තෝසේ. රටක් හැටියට අපිට ආඩම්බර විය නොහැකිද? ඉදිරියටත් හරියට වෛද්‍ය උපදෙස් පිළිපදින්න. දේශපාලුවෝ ටික කුණුගොඩටම තල්ලු කරලා දාන්න. හොඳ පටන් ගැන්මක්.