(ජේ.කේ.එල් චාමින්ද)
කොරෝනා වයිරසය හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නතර කිරිමට පියවරගෙන ඇති බව එම ඒකකයේ ප්‍රධානි වකුගඩු හා නහර බද්ධ කිරිම පිළිබද විශේෂඥ වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි.
වකුගඩු රෝගින්ගේ යහපත සදහා මෙම තිරණය ගත් බවත් එහෙත් නහර බද්ධ කිරිම ඇතුළු හදිසි අනතුරු හා හදිසි සැත්කම් සිදුකරන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.
මේ පිළිබද අප කළ විමසුමකදි විශේෂඥ වෛද්‍යවරයා මෙසේද කිවේය.
නහර බද්ධ කිරිම හදිසි අනතුරු ඇතුළු හදිසි සැත්කම් කරනවා. හදිසි නොවන සැත්කම් තමයි නතර කරලා තියෙන්නේ. පසුගිය සතියේ සිට වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් නතර කිරිමට කටයුතු කරලා තියෙනවා. රෝගින්ගේ යහපත සදහා තමයි මෙම තිරණ ගනු ලැබුවේ. වකුගඩු බද්ධ කිරිමේ දි ප්‍රතිශක්තිය අඩුකරන නිසා පහසුවෙන් මෙම වයිරසය ඇතුල්වෙන්න පුළුවන් ඒ නිසා තමයි වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් නතර කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මෙකි රෝගියාගේ ඥාතින් හා පවුලේ අය රෝහලට පැමිණෙනවා.මේ වනවිට රොගින් ද සිමාකර තියෙනවා. මේ අවස්ථාවේ හොදම දේ නිවෙස්වලට වි සිටිම බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය තුල විශේෂඥ වෛද්‍ය රංජුක උඹෙසිරි මහතා විසින් මේ වනවිට වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් 140ත් පමණ සිදුකර ඇත.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කරාපිටිය රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම් තාවකාලිකව නවතී