IMG-LOGO

කොරෝනා සැක රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහල සූදානම්

(සිරංගිකා ලොකුකරවිට)
 

කොරෝනා ආසාදනය වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහලේ සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා විශේෂ වාට්ටුවක් ද වෙන්කර ඇතැයි වෛද්‍ය අධිකාරී සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

රෝහලට පැමිණෙන සියලුම රෝගීන් ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් පරීක්ෂා කිරීමන් අනතුරුව ඔවුන් අදාල අංශ වෙත යොමු කිරීම සිදුකරනු ලබයි. 

මෙහි දී රෝහල් කාර්ය මණ්ඩලයට උපරිම ආරක්ෂාව සැළසෙන ආකාරයෙන් සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් රෝහලට පැමිණෙන රෝගීන්ට ද එකිනෙකා හා සම්බන්ධ නොවී අදාල වෛද්‍යවරු හමුවීමටත් ප්‍රතිකාර ලබාගැනීමටත් සියලු පහසුකම් සපයා ඇති බව වෛද්‍ය ප්‍රනාන්දු මහතා පැවසීය.

රෝහල් පරිශ්‍රයට පැමිණෙන සියලුම දෙනාගේ අත් සෝදා ගැනීමේ පහසුකම් සපයා තිබෙන අතර පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි විශේෂිත ජල කරාමයක් රෝහලේ නඩත්තු ඒකකය විසින් නිර්මාණය කර තිබේ.

ජල කරාමය අතින් අල්ලන්නේ නැතිව ජලය ලබාගැනීමට හැකිවීම එහි ඇති විශේෂත්වයි. රෝහලේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් අවශ්‍ය විශේෂිත මුහුණු ආවරණ සහ ඇඳුම් රෝහල් කාර්ය මණ්ඩලය හා පෞද්ගලික අංශයේ සහයෝග‍ බවත් ප්‍රදේශවාසීන් අවශ්‍ය මුඛ ආවරණ රැසක් පරිත්‍යාග කර තිබෙන බවත් වෛද්‍ය ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

ශ්වසන ආබාධ සහිත රෝගීන් කිහිපදෙනකු පසුගිය දිනවල රෝහලට පැමිණි බවත් ඔවුන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිවසේස්වයං නිරෝධායනයට යොමු කළ බවත් වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 



අදහස් (0)

කොරෝනා සැක රෝගීන්ට ප්‍රතිකාර කිරීමට උඩුගම මූලික රෝහල සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 45 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 35 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 439 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site