IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වැළදී මිය ගිය අයකුගේ සිරුරක් දින 25 ක් තිස්සේ හෝමාගම රෝහලේ

 (ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොරෝනා වයිරසය වැළඳී මිය ගිය භාරකරුවෙකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් ,දින 25 ක් තිස්සේ , හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසයි.

මේ හේතුවෙන් ශීතකරණ හයකින් යුක්ත මෘත  ශරීරාගාරයේ දෛනිකව සිදුවන මෘත දේහ තැන්පත් කිරීමට පවා බාධා එල්ල වී ඇතැයි ද පැවසේ .

පෑලියගොඩ ප්‍රදේශයේ මහමග රෝගීව රැදී සිටි  මෙම පුද්ගලයා ඉකුත්  05 දා සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කියයි .

පසුව සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ප්‍රතිකාර සඳහා  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 7 දා මෙසේ මියගොස් ආති බව  පොලිසිය පවසයි .

ඒ අනුව මියගිය පුද්ගලයා ඉකුත් 07 දා සහ 12 දා පී.සී.ආර් පරීක්ෂණ වලට  ලක් කර ඇති අතර  ඒ අවස්ථා දෙකේ දී ද  ඔහුගේ සිරුරේ වෛරසය රැඳී  තිබූ බවට තහවුරු වී ඇතැයි පැවසේ .

මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහුගේ අනන්‍යතාවය ඇතුළත් කිසිදු තොරතුරක් රෝහලට ලැබි නොතිබීම හේතුවෙන් මෘත දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකිරීමට  බාධා එල්ලවීම නිසා  දින 25ක් තිස්සේ මෘත දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පොලිසිය කියයි .

වයස අවුරුදු (62) පමණ  වන මෙම පුද්ගලයාගේ ඇඳ ඉහපත් ලේඛනයේ යාචකයෙකු ලෙස සටහන්ව ඇති බවද කියයි.

මේ අනුව මෙම පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඉතා ඉක්මනින් සිදු කළ යුතු නිසා භාර කරුවෙකු වෙතොත් හැකි ඉක්මනින් හෝමාගම රෝහල් පොලීසිය අමතා තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.



අදහස් (3)

කොරෝනා වැළදී මිය ගිය අයකුගේ සිරුරක් දින 25 ක් තිස්සේ හෝමාගම රෝහලේ

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 30 December 2020 01:13 PM

ඇත්තෙන්ම කෝ මේ රටේ ආණ්ඩුවක් තියෙනවද? මේ තරම් වසංගතයක් පවතිද්දී, මළමිනී ආදාහනය කරන ලෙස අධිකරණය නියෝග නිකුත්කොට තිබියදී, සෞඛ්‍ය අංශ නිර්දේශ කොට තිබියදී, තුනෙන් දෙකේ බලය තිබියදී, එක්තරා කොටසක පටු ඉල්ලීම් ගැන පමණක් බලා මේ මිනී කුණු රෝහල් සීතාගාරවල තබාගෙන කරනා විගඩම කුමක්ද? ශීතාගාරවල හා මියගිය මෘතදේහ සෛල තුළ වයිරසය ලක්ෂ කෝටි ගණනින් වර්ධනය වන බව විශේෂඥ වෛද්‍ය නිර්දේශය වී තිබියදීත්, මළ මිනී මෙසේ තබාගැනීම මොන කරුමයක් නිසා සිදුවෙන්නක් දැයි නොදැනේ.

:       0       0

fairoos Wednesday, 30 December 2020 01:33 PM

මේක මුස්ලිම් කෙනකුගේ නම් අධිකරණ දොස්තරවරුන් හෙට සිට වැඩ වර්ජනයක් කරයි.

:       0       0

Isuru Wednesday, 30 December 2020 11:17 PM

ලෙඩාගේ නම දාන්න. එතකොට භාරකරුවන් ඉදිරිපත් වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31557 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13916 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11076 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 160 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1085 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site