IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා වයිරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 9 දෙනකු  මියගොස් ඇතැයි පිලිපීන වෛද්‍ය සංගමය අද (26) ප්‍රකාශ කළේය.
 
රෝහල් ආසාදිතයන්ගේ පිරී ඉතිරී ගොස් ඇතැයි ද කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ඉදිරිපෙළ වෛද්‍යවරුන්, රෝහල් කාර්යමණ්ඩල සහ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ද වාර්තා වේ.
කොරෝනා වයිරසයෙන් පිලිපීනයට සිදුව ඇති බලපෑම නිල වාර්තාවලින් ප්‍රකාශයට පත් කරන තත්ත්වයට වඩා ඉතා දරුණු යැයි ද පැවසේ. නිල වාර්තාවලට අනුව පිලිපීනයෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 38කි.
 
පිලිපීනයට අයත් ප්‍රධාන දූපත වන ලූසෝන් දූපත මේ වනවිට දෙවැනි සතියටත් ‘ලොක්ඩවුන්’ එනම් සම්පූර්ණයෙන් වසා දමා ඇත. එම දූපතේ මිලියන 55කට ආසන්න පිරිසක් ජීවත්වෙති.
 
කොරෝනා වයිරසය ආසාදනය වූ නවවැනි වෛද්‍යවරයාද මියගිය බවත් සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති බවත් පිලිපීන වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.
 
‘‘අපි මේක හරියට කරන්න ඕනේ. ආසාදිතයන් පරීක්ෂා කරන වෛද්‍යවරුන් කොරෝනා සටනේ ඉදිරිපෙළේ සිටින සියලූම සෞඛ්‍ය සේවකයන් මුලින්ම පරීක්ෂා ඕනෑ. ඔවුන් නැවත නැවත පරීක්ෂා ඕනෑ. ඉන් පසු දවස් හතකින් නැවත පරීක්ෂා කරන්න ඕනෑ. වෛද්‍යවරුන් ද වයිරසය රැගෙන යන රෝග වාහකයන් වෙන්න පුළුවන්’’ යැයි පිලිපීන වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය බෙනීටෝ අටියෙන්සා පැවැසීය.
 
පිලිපීනයේ මැනිලා අගනුවර තිබෙන විශාලතම රෝහල් තුනට බදාදා වනවිට ප්‍රමාණය ඉක්මවා ආසාදිතයන් පැමිණ ඇති බවත් තවදුරටත් කොරෝනා ආසාදිතයන් එම රෝහල්වලට ඇතුළත් කර නොගන්නා බවත් එම රෝහල්වල බලධාරීහු කීහ.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකය නිසා රෝහල් කාර්යමණ්ඩලවල සිය ගණනක් ද මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී ඇතැයි ද එම බලධාරීහු පැවැසූහ.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (1)

කොරෝනා වයිරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

ඩිල්ෂාන් ප්‍රනාන්දු Thursday, 26 March 2020 11:39 AM

අපේ සයිටම් එක වහල දාන්න ස්ට්‍රයික් කරපු කුහක වෛද්‍ය සංගමේ ලොක්කො ටිකත් මේ පාරෙම ගියා නං ලංකාවේ සෞඛ්‍ය සේවය මීට වඩා බොහෝ පලදායි වනු ඇත.

:       131       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 69 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site