එෆ්.අස්ලම්
ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පමණක් නොව ලෝ පුරා මැතිවරණ 30ක ප්‍රමාණයක් කල්ගොස් ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කරයි.
මැතිවරණය කල්දමා ඇති පසුබිමක නාම යෝජනා පත්‍රවල නම් සදහන් බොහෝ අපේක්ෂකයි මෙම සංවේදී කාල සමයද දේශපාලන වාසියට හරවා ගනිමින් ප්‍රචාරක කාර්යන්හි නිරතවන බව දිගින් දිගටම නිරීක්ෂණය වන බවද ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමේදී මැතිවරණ කොමිෂන් සභාව සතුව පවත්නා සීමාකම් කෙරෙහි ද අප ප්‍රමාණවත් අවබෝධයකින් පසුවන බවද එම සංවිධාන සදහන් කර සිටීයි.
ශ්‍රීලංකාවේ ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව අවධාරණය කර ඇති අතර ශ්‍රිලංකාවේ පාර්ලිමේන්තු මහ මැතිවරණය පවතින තත්වය හමුවේ කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය කෙරෙහිද එම සංවිධාන ප්‍රසාදය පලකර සිටීයි.
පැෆරල් සංවිධානය,මැතිවරණ ප්‍රචන්ඩක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පෙරන්සි ජාත්‍යන්තර ආයතනය,සාධාරණ මැතිවරණයක් සදහා වූ ව්‍යාපාරය(කැෆේ)ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය,නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා ව්‍යාපාරය,ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් වශයෙන් මෙම නිවේදනය නිකුත් කෙරිනි.
එම නිවේදනයේ මෙසේද සදහන් වේ.
එළඹෙන අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මහා මැතිවරණය, මැතිවරණ කොමිෂන් සභාව මගින් තම බලතල ප්‍රකාරව කල්දමා ඇති පසුබිමක, ඒ පිළිබඳව ගොඩනැගෙමින් පවත්නා තියුණු සමාජ කථිකාව කෙරෙහි මෙරටේ සියලු ක්‍රියාකාරී මැතිවරණ නිරීක්ෂණ සංවිධාන තම බලවත් අවධානය හා සැලකිල්ල යොමුකරමින් සිටී.ඒ හා සමඟ විපත්තිදායක වාතාවරණයක නිරායාසයෙන් ගතහැකි ආසන්නතම හා සුදුසුම පියවර වූ, මැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා ලද ක්‍ෂණික පියවර ද අපගේ නිසි ඇගයීමට ලක්වන අතර කොවිඩ් -19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවමින් සිදුවිය හැකිව තිබූ බලවත් හානියක් වැලැක්වීමෙහිලා ගත් කාලීන පියවර උදෙසා ගරු ජනාධිපතිවරයා ද අපගේ ප්‍රශංසාවට ලක්වන බව සඳහන් කිරීමට කැමැත්තෙමු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳවයි. මිත්‍යා දෘෂ්ටික දේශපාලුවන් කිහිප දෙනෙකුගේ සට්ටඹි යන්ත්‍ර මන්තර කාරයන් කිහිපදෙනෙකුගේ අවවාද පිළිගෙන ඉතාම කඩිනමින් මහා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය වාතාවරණය බලෙන් ඇතිකරමින් පවතිනවා. මේ අවස්ථාවේ ඇඳිරිනීති වේලාවන් වෙනස් කිරීම මේ උපක්‍රමවල පළමු වැන්නයි. දියුණු රටවල බුද්ධිමත් පාලකයින් තම චන්දයට වඩා තම ජනතාව ඉහලින් සලකන අතර අපේ රටේ ගෝත්‍රික හොර තක්කඩි රැල ජනතාවට හෙනගැහුවත් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි අපි චන්දය තියලා දිනමු.." යන මතයේ සිටින බව කවුරුත් තේරුම්ගෙන සිටීම හොඳ දෙයකි. ඒ නිසා මේ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටින මිත්‍යා දෘෂ්ටික, කට්ට, කයිරාටික දේශපාලුවන්ටයි... හෙට සිට ඇඳිරිනීති වේලාවන් ප්‍රදේශ වෙනස් කොට...අවසානයේදී කොරෝනා අසාදිතයින්ගේ ප්‍රමාණය, මරණ ප්‍රමාණය ඉහල ගියහොත් .. ඒ සියල්ලටම තොපි වරද කරුවෝය. මැරෙන හැම ජිවිතයක් වෙනුවෙන්ම මේ මිත්‍යා දෘෂ්ටිකයින් වගකිව යුතුවේ. අපි මේ පිළිබඳව ජාත්‍යන්තරයටත් ගෙනයනවා. මේ පිස්සෝ හදන්නේ හදිස්සියේ චන්දය තියලා... දිනලා ජනතාවට මිලිටරි බලය පෑමටයි. මන්ද රට ගෙනියන්න රටේ මුදල් නැතිනිසා. රටේ මුදල් සියල්ල මුන් යටිමඩි ගසාගත්බව මේ රටේ කවුරුත් දනී.
මිත්‍යාදෘෂ්ටික කට්ටයින් කියන්නේ කාටද? ජනපතිවරණය දිනා දුන්නේ වැඩිකොටම බොදු පුජ්‍ය පක්ෂයේ අනුග්‍රහයෙන්. අගමැති තුමා ඇතුළු කැබිනෙට්ටුවට බැතිබර අන්දමින් අනුග්‍රහයත් වැඩිපුරම ස්වාමින්වහන්සේලාගේ?ඔබ කොහොමද මිත්‍යාදෘෂ්ටික තක්කඩින් ගැන කතා කරන්නේ? ඔබට වැරදීමක්?
ගන්න ඕනෙම තීන්දුවක් මේ ව්‍යසනය දුරු කරගන්න උදව් වුනේ නැතිනම් රට තවත් ප්‍රපාතයට යනවා
මැකෝ කිව්වේ රට සාමාන්‍ය තත්වයට පත්වෙලා සති 5 කින් මැතිවරණෙ තියන්න පුළුවන් කියලා... රට සාමාන්‍ය තත්වයට පත්වෙනවා කියන්නේ සතියකට හමුවන කොරෝනා රෝගීන් ගණන (කොරන්ටයින් එකේ ඇතුළු සියලුම රෝගීන් ) 2-3 සිමා වෙලා , ගුවන්තොටුපළවල්, වරායවල් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙලා , පිටරටවල අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගෙන් 55000න් , 30000 වත් ලංකාවට ගෙන්වාගෙන (මොවුන් ශ්‍රී ලාංකික චන්ද දායකයන් ලංකාවට ඒමට කැමැත්තෙන් සිටින ඔවුන්ව චන්දෙ දවසට පිටරටක හෝ නිරෝධන මධ්‍යස්ථානයක සිරවී සිටීමෙන් ඔවුන්ගේ චන්දය දැමීමට ඇති මුලික ඓතිවාසිකම් උල්ලංගනය වේ) , අපට පොදු ප්‍රවහන් සේවා භාවිත කර දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට යන්න පුළුවන් වෙන්න ඕනේ. මුඛවාඩම් වලින් තොරව එළියට බැහැලා යන්න පුළුවන් වෙන්න ඕනේ. , මෙම තත්වය ඇතිවෙන කොට ලබන මාසේ අන්තිම වෙන්න පුළුවන්.එතනින් සති 5 ගණන් කරනකොට අගෝස්තු මුල හෝ මැද චන්දෙ තියන්න පුළුවන්.
එහෙම කොහොමෙයි, එතකොට කොහොමද පුතාට හෙටක් හදන්නේ? 220 ගානක් අනාතවෙනවානේ.රට වගේද එගොල්ලෝ?