IMG-LOGO

කොරෝනා යැයි සැක සෙබළෙක් මඩකළපුව මහ රෝහලට

( වසන්ත චන්ද්‍රපාල සහ  සී. ලියනආරච්චි)

කොළඹ සිට අම්පාරට නිවාඩුව සදහා පැමිණි නාවික හමුදා සෙබලුන් 21දෙනාගෙන් 20 දෙනෙකු ඔවුන්ගේ  නිවෙස්වලම නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බව අම්පාර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ප්‍රසංග සේරසිංහ මහතා පැවසිය.

ඉන් එක් පුද්ගලයෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහලවිම නිසා ඔහු 1990 ගිලන්  රථයකින් මඩකලපුව මහා රෝහලට යැවිමට උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි නිරෝෂන් ලියනගේ මහතා විසින් කටයුතු සංවිධානය කරනු ලැබිය.

පසුව ඔහු සිටි නිවස ජීවාහානුකරණය කල අතර පවුලේ සාමාජිකයින් එම නිවසතුලම නිරෝධායනයට ලක් කරනු ලැබිය.
දැනට මේ වෙන විට මෙම නාවික හමුදා සෙබලුන් ඇසුර කරන ලද අය පිලිබදව තොරතුරැ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් සහ පොලිසිය විසින් ගනනය කරන බවද ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් සදහන් කලේය.

දැනට පවතින මෙම තත්වය නිසා නිවසට වි සිට සෞඛ්‍ය සේවා නිළධාරින්ට මෙන්ම ආරක්ෂක අංශවලට  සහය දෙන ලෙසද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් දෙන උපදෙස් පිලිපදින ලෙසද ඉල්ලිමක් කලේය.
 

 



අදහස් (0)

කොරෝනා යැයි සැක සෙබළෙක් මඩකළපුව මහ රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site