(පාලිත ආරියවංශ )
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු ඇල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නතර වී සිටි බව අනාවරණය වී තිබේ.
එම හෝටලයේ කාර්ය මණ්ඩලය අද (19) නිරෝධායනයට ලක් කරන බව ඇල්ල පොලිසිය පවසයි.
මෙම විදේශීකයා සිය දියණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉකුත් 15 සහ 16 යන දිනයන්හි මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇත.
ඔහු දැනටමත් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දියණිය නිරෝධානයකට ලක්කර ඇති බවත් ඇල්ල පොලිසිය පවසයි.
මේ විදේශීකයන් දෙදෙනා කැටුව ආ සංචාරක මඟ පෙන්වන්නා සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ මෝඩ වැඩවල ප්‍රථිපල තමයි මේ එන්නේ. බහුබූත දොඩව දොඩවා නිරෝධායනයට ලක්කරේ ඉතාලියෙන්, කොරියාවෙන් සහ ඉරානයෙන් ආපු අපේ මිනිස්සුන්ව විතරයි. ඒකත් කරේ පෙරහැර ගියාට පස්සේ. අනිත් හැම එකාටම නිදහසේ ලංකාවට එන්න දුන්නා. දැන් ඒවාට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට... වැඩේ වෙනකම් බලන් ඉඳලා දැන් නිරෝධායන කරනවාලු. ඔයටික මීට මාසෙකට කලින් කරා නම් අද ලංකාවේ එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. මේ කතාකරන්නේ දේශපාලනය නෙවෙයි.
සංජීව මෙහෙ මොන දේ වෙන්නෙත් ඔය විදිහට හේතුව රටක් පාලනය කරන්න දැනුම නැති ගොන් රැලක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ වසර 72 ටම සිදු වුනේ තම තමන් පොහොසත් වුන මිසක් රටට සිදුවුන් දෙයක් ලෙස තිබෙන්නේ අමනයන් නිසා ලෝකයටම ණය වීම