IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොරෝනා යැයි සැක කුරුණෑගල රෝහලේ 20 දෙනාගෙන් 16ක් ආසාදිතයින් නොවේ

( පුෂ්පකුමාර ජයරත්න )

කොරෝනා වයිරසය ආසාදිතයන් බවට සැකකරන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 20 දෙනාගෙන් 16 දෙනෙකුම කොරෝනා ආසාදිතයන් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව සුවය ලැබ මේවනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරුවූ රෝගීන් තිදෙනෙකුම මේවනවිටත් අයිඩීඑච් උණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යවා ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

මේ ආකාරයට කොරෝනා ආසාදිතයින් ලෙස සහ සැකසහිත බවට කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සහ දැනට සිටින සියළුම දෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවන බවද ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශ වලින් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද අයවලුන් බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය .

 කොරෝනා රෝගීන් සඳහාම ප්‍රතිකාර ලබාදීමට මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේඇඳන් දෙසීයකින් පමණ සමන්විත වාට්ටු තුනක්ම සම්පූර්ණයෙන්ම වෙන්කර තිබෙන බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා පැවසීය 



අදහස් (1)

කොරෝනා යැයි සැක කුරුණෑගල රෝහලේ 20 දෙනාගෙන් 16ක් ආසාදිතයින් නොවේ

ravi Sunday, 22 March 2020 07:27 AM

16 දෙනෙකුට මේ රෝගයට ගොදුරු නොවීම ගැන සතුටු වෙමු . . මේ අතරින් කොරෝන රෝගීන් 4 දෙනෙක් සොයාගැනීමට ලැබීම .. විශාල ජග්‍රහණයක් ලෙස සලකමු ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site