IMG-LOGO

කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට


(මංගල  එදිරිසිංහ)

ඉංගිරිය, බොරළුගොඩ කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලා 5 කින් ආසාදිතයින් 20 දෙනෙකු හමුවීමෙන් අනතුරුව කර්මාන්තශාලා 3ක් තාවකාලිකව වසාදමා ඒවායේ සේවකයින් 435 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කළ බව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා පවසයි.


කර්මාන්ත ශාලා ආශ්‍රිතව සිදුකරනු ලබන අහඹු පීසීආර් පරීක්‍ෂණවල ප්‍රතිඵල ඊයේ (15) ලැබුණු අතර ඉන් සේවකයින් 20 දෙනෙකු මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත. මෙයින් ආසාදිතයින් 7 දෙනෙකු පමණක් ඉංගිරිය බල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එක් අයෙකු හොරණ සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ඨාසයේ ද, ඉතිරි 11දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මෙම ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් 200 දෙනෙකු සඳහා අද (16) පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට නියමිත අතර කර්මාන්තශාලා මට්ටමින් ද, පිසීආර් පරීක්‍ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මේ අනුව ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් 236 දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් වැඩිම ආසාදිතයින් හමුව ඇත්තේ පෝරුවදණ්ඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කොට්ඨාශයෙනි.

ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය හර්ෂණි වීරසිංහ මහත්මියගේ මෙහෙයවීම සහ අධීක්‍ෂණය යටතේ තවදුරටත් පිසීආර් පරීක්‍ෂණ සිදුකරන බව ඉංගිරිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එල්.පී.එල්. ප්‍රියන්ත මහතා වැඩිදුරටත් පවසයි.



අදහස් (3)

කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට

Raveendra Saturday, 16 January 2021 03:05 PM

මරු හෙඩිමක් දාල තියෙන්නේ.."කොරෝනා කර්මාන්තශාලා"

:       0       0

Shantha Saturday, 16 January 2021 10:54 PM

කොරෝනා කර්මාන්තශාලා 5කින් 435ක් නිරෝධායනයට ලංකාවේ දැන් කොරෝනත් හදනවද?

:       0       0

Ranjan Sunday, 17 January 2021 01:32 PM

ලෝකයේ පළමු කොරෝනා නිෂ්පාදන කර්මාන්ත ශාලා ලංකාවෙන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 511 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 205 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site