(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් හමුදා කර්නල්වරයෙකු සහ ඔහුගේ පුතා අයි ඩි එච් රෝහලට ඇතුළත් කර ඇතැයි හමුදා ආරංචි මාර්ග පවසයි .
මෙම කර්නල්වරයාගේ මව ද එම රෝගී ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අයත් වේරහැර රෝහලට ඇතුළත් කර ඇති බවද හමුදා ආරංචි මාර්ග කියයි.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට අයත් වේරහැර රෝහලේ සේවය කළ කර්නල්වරයකු බවද හමුදාව පවසයි.
මෙම කර්නල්වරයාට වේරහැර රෝහල තුළදී කිසිවකුගෙන් හෝ ආසාදනය වෙන්නට ඇති බවට හමුදාව සැක කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නිරෝධායන කටයුතු වල නිරත ව සිටි යුද හමුදා මේජර්වරයෙකු ද මීට පෙර වයිරසය ආසාදතය වීමෙන් අයි ඩ් එච රෝහලට ඇතුළත් කර තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම නිවාස වලට ආරක්ෂාව දෙන්න. ගුණමකු මිනිස්සු ගිනි තියාගන්න බැරිත් නැහැ.