
( ලසන්ත නිරෝෂණ පෙරේරා )
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත ව නිර්මාණය වු කොව්ඩ් -19 ආසාදිතයින්ගේ සමීපතමයන් 8200දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදු කළ බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. කන්දකාඩු ආසාදිතයන් පොකුර මේවන විට සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට රජයට හැකිවු බවද ඇමතිණිය කීවාය.
මෙරට පුද්ගලයින් 150,000ක් පමණ පෙරේදා 25 වනදා වනවිට පී.සී.ආර් පරික්ෂණවලට ලක් කර තිබෙන බවද කී වන්නිආරච්චි මහත්මිය ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල කැපවීමෙන් කොරොනා තත්ත්වය ගැන රජය නිරන්තරව අවධානයෙන් සිටිමින් තීරණ ගනු ලබන බවද පැවසුවාය.
අගෝස්තු මස පළමුවැනිදා සිට පෙර පාසල් විවෘත කිරීමට අධ්‍යාපන ඇමතිවරයාගේද එකඟතාවය කැබිනට් මණ්ඩලයේදි ලැබුණු බවද වන්නිආරච්චි මහත්මිය පැල්මඩුල්ලේ දි පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කියනවා අනිවාර්යයෙන්ම ඕක සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න බැරිවෙලා ඇති. හැමදාම වගේ ඡන්ද ගන්න ඔහේ කියවනවා.
මැතිණියගේ සේවය අනර්ඝයි. ඔබට ජාතියේ ගෞරවය පුදකරමි.
හා... අපි කැරට් කන හාවෝ. අපි පිළිගන්නම්... ඔබට සතුටුයි ද දැන්..?
අප්‍රේල් මාසේ කොවිඩ් ඉවරවෙනවා කියලා කියපු කෙනා දැන් තමයි මතු වෙලා තියෙන්නේ.
ෂුවර්ද.?
මැතිවරණය ළඟ නිසා මාර ඉක්මනට ලෙඩ්ඩු හොඳ වෙනවා මේ දවස්වල.
ඔව්... ඡන්දේ ඉවර වෙනකල්.
දැන් එහෙනම් ආයෙ රට ඉඳලා පිරිස් ගේන්න පටන් අරන් ලංකාවේ ඉන්න කොරෝනා රෝගීන් පිරිස වැඩි කරගමු..... ඊට පස්සෙ මෙහෙ ඉස්පිරිතාල ටික පුරවමු... අලුත් අලුත් පොකුරු නිර්මාණය කරලා ආයෙ කොරෝනා තුන්වන රැල්ලක් හදමු...... මෙච්චරයි ඔයාලට කියන්න තින්නෙ. එක්කො ගුවන්තොටුපළ සම්පූර්ණයෙන්ම්මම වහලා කිසිම කෙනෙක් රට ඇතුලට නොගෙන ඉන්න කොරෝනා සම්පූර්ණයෙන් ඉවරයක් වෙනකම් හෝ බෙහෙතක් හොයාගන්න කම්. නැත්තම් රට ඉන්න අය ගේනවා නම් නිරෝධනය හරි විදියට කරන්න.
පුලුවන්ම් කියන්නකෝ බලන්න කන්දකාඩු පොකුර ඇතිවුනේ කොහොමද කියලා.
මැතිවරණය ඉවර වෙනකන් දැන් ලංකාවේ කොරෝන ලෙඩුන් නැහැනේ.