
(ප්‍රියානි මංගලිකා)
කොටවෙහෙර ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක ගුරුවරියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, එම පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ අද (12) සඳහන් කරයි.
කොරෝනා ආසාදිත ගුරුවරියන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හා අදාල පංති තුනෙහි දරුවන් සියලු දෙනාද නිවෙස් නිරෝධායනයට ලක් කර ඇති බවත්, ඇන්ට්‍රිජන් පරීක්ෂණයන්ට ලක් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පවසයි.
එම තත්වය මත සෙසු පංති දෙකෙහි දරුවන්ව දෙමාපියන් විසින් පාසලට නොඑවීම හේතුවෙන් පාසල නොපැවැත්වෙන බව සෞඛ්‍ය අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා කියන්න කොටවෙහෙර කොහෙද තියෙන්නේ කියලා....
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය සහ ආනමඩුව අතර ගමක්... රාජකීය විහාරයක්...