( නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල මාදෙයියාව ප්‍රදේශයේ සිදුකල අහඹු ඇන්ටිජන් පරික්ෂණ 60 කින් 21 දෙනකු කොවිඩි ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමඟ මාදෙයියාව අබෙිරත්න මාවත නාගොල්ල යන ප්‍රදේශ වලට තාවකාලිකව සංචරණ සීමා පැනවිමට කටයුතු කර ඇතිබව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.
මාදෙයියාව ප්‍රදේශයේ ජනතාව වෙත අසාමාන්‍ය ලෙස උණ රෝගී තත්වයක් ඇතිවිම හේතුවෙන් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් සිදුකල ඇන්ටිජන් පරික්ෂාවෙිදි කොවිඩි ආසාදිත රෝගින් හදුනා ගැනිමට හැකිව ඇත.
මාදෙයියාව ප්‍රදේශයේ මළ ගෙදරක් සහ නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් පසුගිය පොසොන් පොහොය දිනයේ පැවුත්වු රෝටි දන්සල හේතුවෙන් මෙම පොකුර හටගෙන ඇති බවට සෞඛ්‍ය අංශ මෙි වන විට හදුනාගෙන ඇත.
ආසාදිත පුද්ගලයන් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර පලමු ආශ්‍රිතයන් නිරෝධායනය කිරිමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ තවත් අහඹු පරික්ෂණ සිදුකිරිමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරයකු පැවසීය.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
877
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කෑගල්ල මාදෙයියාවට සංචරණ සිමා