( නයෝමි දිල්රුක්ෂි)
කෑගල්ල මාදෙයියාව ප්‍රදේශයේ සිදුකල අහඹු ඇන්ටිජන් පරික්ෂණ 60 කින් 21 දෙනකු කොවිඩි ආසාදිතයන් ලෙස තහවුරු වීමත් සමඟ මාදෙයියාව අබෙිරත්න මාවත නාගොල්ල යන ප්‍රදේශ වලට තාවකාලිකව සංචරණ සීමා පැනවිමට කටයුතු කර ඇතිබව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.
මාදෙයියාව ප්‍රදේශයේ ජනතාව වෙත අසාමාන්‍ය ලෙස උණ රෝගී තත්වයක් ඇතිවිම හේතුවෙන් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් සිදුකල ඇන්ටිජන් පරික්ෂාවෙිදි කොවිඩි ආසාදිත රෝගින් හදුනා ගැනිමට හැකිව ඇත.
මාදෙයියාව ප්‍රදේශයේ මළ ගෙදරක් සහ නිරෝධායනය නිතී උල්ලංඝනය කරමින් පසුගිය පොසොන් පොහොය දිනයේ පැවුත්වු රෝටි දන්සල හේතුවෙන් මෙම පොකුර හටගෙන ඇති බවට සෞඛ්‍ය අංශ මෙි වන විට හදුනාගෙන ඇත.
ආසාදිත පුද්ගලයන් කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර පලමු ආශ්‍රිතයන් නිරෝධායනය කිරිමට කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කටයුතු යොදා ඇති බවත් මෙම ප්‍රදේශයේ තවත් අහඹු පරික්ෂණ සිදුකිරිමට නියමිත බව මහජන සෞඛ්‍ය පරික්ෂක වරයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd