(උණවටුන ඩි.ජී.සුගතපාල)

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට කරන ලද පි.සී.ආර්.පරික්ෂණවලදි තවත් 28 දෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇති බවට ඊයේ (23) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම පිරිස වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල් පහක සේවය කරන අතර ඔවුහු අහංගම, ගිණිමැල්ලගහ, වැලිගම, නාඔටුන්න, අකුරැස්ස, දික්කුඹුර, තිහගොඩ, ගාල්ල, රත්ගම, කහව, වංචාවල, තල්පේ, උණවටුන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මේවනවිට කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් වාර්තාවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 300කට ආසන්නය.