IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔස්ට්‍රේලියානු පොලීසියෙන් ශ්‍රී ලංකා පොලිසියට වෛද්‍යාධාර


‘කොවිඩ්-19’ වසංගතය මර්දනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලීසිය ශ්‍රී ලංකා පොලිසියට වෛද්‍යාධාර තොගයක් පිරිනමා ඇත.

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී , අපරාධ පරීක්ෂණ අංශයේ පොලිස් අධිකාරී රොබ් විල්සන් මහතා ශ්‍රී ලංකා පොලිස් රෝහලේ දී ඉකුත් දා (16) එම වෛද්‍යාගාර තොගය ශ්‍රී ලංකා පොලිසියට පිරිනැමූ අතර ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා එම වෛද්‍යාධාර තොගය බාරගත්තේ ය.

මෙම වෛද්‍ය උපකරණ මගින් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් අතර ‘කොවිඩ්-19’ වයිරසය පැතිර යෑමේ අවදානම අවම කරගැනීමට හා ඔවුන්ගේ රාජකාරි අඛණ්ඩව හා බාධාකින් තොරව කරගෙන යාම සඳහා සහාය වීමට අපේක්ෂා කරන බව මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම වෛද්‍යාධාර තොගය ශ්‍රී ලංකා පොලිසිය වෙත ඔස්ට්‍රේලියා රජය දක්වන සමස්ත සහයෝගයේ කොටසක් වන අතර ඔස්ට්‍රේලියාව දැනටමත් මෙරට සෞඛ්‍ය සුරක්ෂිතතාව ඉහළ නැංවීමටත් මෙරට ජන ප්‍රජාවලට ඉතා වැදගත් ආහාර හා සනීපාරක්ෂක භාණ්ඩ සැපයීමටත් , ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා සහාය වීමටත් පියවර ගෙන ඇත.

055 



අදහස් (1)

ඔස්ට්‍රේලියානු පොලීසියෙන් ශ්‍රී ලංකා පොලිසියට වෛද්‍යාධාර

Binkunndaa Monday, 21 December 2020 05:23 PM

මෙහෙම භාණ්ඩ දෙන එක හොඳයි. නැතිනම් මුදල් දුන්නොත් ඔක්කොම දේශපාලකයින් විසින් හොරා කා ගොඩ යාවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31568 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13928 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11078 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1091 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site