IMG-LOGO

ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා වැළැක්වීමේ එන්නත වඩා ඵලදායී

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් වැඩිදියුණු කරන ලද එන්නත කොවිඩ්-19 රෝගයෙන් වැළකීම සඳහා බෙහෙවින් ඵලදායී බව පර්යේෂකයෝ පවසති.පර්යේෂණ දත්ත පෙන්නුම් කරන්නේ එම එන්නතින් 70%ක ආරක්ෂාවක් ලැබෙන බවයි.

කෙසේවුවද එන්නත වැඩිදියුණු කිරීම මගින් එහි ඵලදායීතාව 90%ක් දක්වා වැඩිකළ හැකි බව පර්යේෂකයෝ පවසති.
ෆයිසර් සහ මොඩර්නා සමාගම් විසින් ඉදිරිපත් කළ එන්නත් 95%ක ආරක්ෂාවක් සහතික කර ඇති නමුත් ඔක්ස්ෆර්ඩ් එන්නත වඩා ලාභදායී බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

එසේම ඔක්ස්ෆර්ඩ් එන්නත ලොවපුරා ඕනෑම ස්ථානයක පහසුවෙන් ගබඩා කර තබාගත හැකි බවද ඔවුහු පවසති.
පර්යේෂකයන් පවසන්නේ ඔක්ස්ෆර්ඩ් එන්නත සාමාන්‍ය ශීතකරණයක පවා ගබඩාකර තබාගතහැකි බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි මිල ඩොලර් 03ක් පමණ වන අතර ෆයිසර්ගේ එන්නත ඩොලර් 15ක් හා මොඩර්නා එන්නත ඩොලර් 25ක් පමණ වේ.එබැවින් ඔක්ස්ෆර්ඩ් එන්නත සඳහා අනුමැතිය ලැබුණහොත් එය වසංගතය පාලනය කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි පර්යේෂකයෝ පවසති.

සාමාන්‍යයෙන් මෙවැනි එන්නතක් වැඩිදියුණු කිරීම සඳහා වසර 10ක පමණ කාලයක් ගතවුවද මෙම එන්නත නිපදවීමට ගතවී ඇත්තේ මාස 10කටත් අඩු කාලයකි. එන්නත පරීක්ෂා කිරීම සඳහා පුද්ගලයන් 3,000ක් පමණ යොදාගෙන ඇත.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම මෙම එන්නත නිෂ්පාදනය කරයි.

බීබීසී ඇසුරිණි

085



අදහස් (1)

ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොරෝනා වැළැක්වීමේ එන්නත වඩා ඵලදායී

chandima Monday, 23 November 2020 03:10 PM

ඒ කාලේ සුර අසුර යුද්ධය බැලුවා වගේ ඔන්න සුද්දන් සුද්දන් අතර යුද්ධය බලාගන්න කාලය ඇවිත්...

:       5       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site