
(තිළිණි ද සිල්වා)
ඊශ්‍රායලයේ රජය විසින් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් උපකරණ පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මෙම වෙන්ටිලේටර් උපකරණ දැනට රජයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල සිටින කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම කිරීම වෙනුවන් ප්‍රදානය කෙරුණු අතර ශ්‍රී ලංකාවට සමගාමීව අක්ත ගන්වා ඇති නවදිල්ලි නුවර පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලය හරහා මෙම වෙන්ටිලේටර් උපකරණ අමාත්‍යංශයට බාර දුන් බවද එම අමාත්‍යංශය කියා සිටී.
ඊශ්‍රායල් රජය විසින් පරිත්‍යාග කරන ලද වෙන්ටිලේටර් උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ආචාර්ය එස්.එච්. මුණසිංහ මහතා වෙත විදේශ අමාත්‍යාංශයේ දී නිල වශයෙන් භාර දෙන දුන් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
මෙම පරිත්‍යාගය වෙනුවෙන්, විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් , මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අන්තර්ජාලය හරහා පැවති රැස්වීමක් අතරතුරදී ඊශ්‍රායල තානාපති ආචාර්ය රොන් මල්කා මහතා සමඟ ඊශ්‍රායල් රජය වෙත ශ්‍රී ලංකාවේ කෘතඥතාවය පළ කළේය.
මෙම රැස්වීමේ දී දෙපාර්ශ්වයම කෘෂිකර්ම, තොරතුරු තාක්ෂණ, විද්‍යා හා තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන යන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතාව සඳහා වන මාවත් පිළිබඳව සාකච්ඡා කළහ.
මෙම අවස්ථාව සඳහා කොළඹ සිටින ඊශ්‍රායලයේ නිර්වේතනික කොන්සල් විකී වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd