අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (7) 20,000 ඉක්මවා ගියේය.
නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වනවිට වැඩිම බලපෑමක් එල්ල වූ දකුණු ආසියානු මෙන්ම ආසියානු රට බවට පත් වී ඇත්තේ ද ඉන්දියාව යි.
ආර්ථිකය කණපිට හරවමින් මාස දෙකකට ආසන්න කාලයක් පැවැති ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කිරීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. එසේ වුවද එරටින් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණනේ අඩුවක් දක්නට නැතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මාස තුනකට පසු ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සහ වයිරස ආසාදිත මරණ ගණන ශීඝ්‍ර වේගයකින් වැඩිවෙමින් තිබේ. වයිරසයේ ව්‍යාප්තිය සීමා කිරීම සඳහා ඉන්දියාව පසුගිය මාර්තු මාසයේදී ලොක්ඩවුන් සීමා පැනවීය. ඒ හේතුවෙන් එරට දස දහස් ගණනකට රැකියා අහිමි වූ අතර ව්‍යාපාර රැසක් කඩාවැටිණි.
ඉන්දියාවෙන් අඟහරුවාදා දිනයෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිත මරණ 467ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිත සමස්ත මරණ ගණන20,160ක් දක්වා ඉහළ ගියේය. එම පැය 24ක කාලයේදී වයිරස ආසාදිතයන් 22,252ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 719,665ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාව සඳුඳා වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රටවල් අතර තෙවැනි තැනට පත්විය. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය වන අතර දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි.
කෙසේ නමුත් ඉන්දියාවේ පුද්ගලයන් 10,000කට මරණ අනුපාතය 0.15කි. ඇමෙරිකාවේ එම අගය 3.97ක් වන අතර එක්සත් රාජධානියේ එම අගය 6.65කි.
වයිරස ආසාදිතයන්ගේ ගණන හා සැසඳීමේදී ඉන්දියාවෙන් දිනකට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන අඩු වුවද ඉදිරි සතිවලදී සැලකිය යුතු අන්දමින් එය ඉහළ යනු ඇතැයි සෞඛ්‍ය බලධාරීහු බිය පළ කරති. ලොව වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන රටවල් අතර ඉන්දියාව හත්වැනි තැන පසුවෙයි. ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඉන් අනතුරුව බ්‍රසීලය, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවලින් වයිරස ආසාදිත මරණ වැඩිම ගණනක් වාර්තා වේ.
ජූලි මාසය මුලදී ඉන්දියාවෙන් දිනකට වාර්තා වූ මරණ ගණනේ සාමාන්‍ය 450කි. ජූනි මස මුල් සතියේදී එය 250ක් වූ අතර මැයි මස මුල් සතියේදී එය 101ක් විය.
රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඉන්දියාවේ කොරෝනා වයිරස ආසාදිත මරණ 20,000 ඉක්මවයි