
කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ අද වනවිට පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.
බිහාර් හි පදිංචිකරුවකු වන 38 හැවිරිදි පුද්ගලයකු මිය යාමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඔහු කටාර් සිට මෑතකදී ඉන්දියාවට පැමිණ සිටි බව පැවසේ.
ඊයේ මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලකදී 63 හැවිරිදි මහලු මිනිසෙක් මියගියේය. ඔහු මහා රාෂ්ට ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි. එම ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුම්බායිහි තවත් 6දෙනෙකු හඳුනාගෙන ඇත.
මෙය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ දෙවන කෝවිඩ් මරණයයි. දිල්ලි, පන්ජාබ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවලින් එක් මරණය බැගින් වාර්තා වී තිබිණි. අද උදෑසන 38 හැවිරිදි පුද්ගලයා මියයාමත් සමඟ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තයකින් වාර්තා වූ පළමුවන කෝවිඩ් මරණය මෙය බව සඳහන් කෙරිණි.
කෙසේවෙතත්, මේවනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 332ක් සිටින බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇතැයි බලධාරීහු පවසති.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ වනවිට මිලියන ගණනක ජනයා නිවාසවලට වී සිටිති.
(හින්දුස්ථාන් ටයිම්ස්)
16844
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඉන්දියාවේ කොරෝනා මරණ 6 දක්වා ඉහළට
රවින් Sunday, 22 March 2020 08:25 AM
කොහොම වුණත් අපේ වෛද්‍යවරු දක්ෂයි. මොන ජාතියෙන් හරි අපේ උදවිය ගොඩ දාගන්නවා. ඔං දැක්කා මෙරට දැනට බාවිතා කරන බෙහෙත්වලින්ම අපිට ගොඩයාහැකියි කියලා. නැතිනම් අරෙහෙ බෙහෙත් මාෆියාව බලාගෙන ඉන්නවාලු දුප්පත් රටවල රීරි මාංශ උරා බොන්න. හැබැයි එකේ මුලික ප්‍රණාමය පිරිනමන්න ඕනේ නිදහස් අධ්‍යාපනයට.