ඉන්දිකා රාමනායක
ඉදිරි සති දෙක තුළ ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළහොත් කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේන් සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
රටේ තීරණයාත්මක ඉදිරි සති දෙක සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සදහන් කළේය.
දැනට ආසාදිතයන් වාර්තා වන්නේ විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ගෙන් පමණක් බවත් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය , සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා කැපවීමෙන් කටයුතු කළේ විවෘත සමාජයෙන් නොව නිරෝධාන මධ්‍යස්ථාන වලින් පමණක් රෝගී හමුවීමට සදහා බලා ගැනීමට බවත් එම තත්ත්වයට දැන් රට පත්ව ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින් සමස්ත ජනතාව ඉතාමත් වගකීමෙන් කටයුතු කළ යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.
ජනතාව වෙනුවෙන් පනවා තිබු සීමා ක‍්‍රමයක් ක‍්‍රමයෙන් ලිහිල් කරමින් තිබෙන අවස්ථාවක මහජනයා හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත් මහජනයා සෞඛ්‍ය උපදෙස් කි‍්‍රයාත්මක නොකළහොත් අපි මෙතෙක් කාලයක් මහත් කැපවීමෙන් ලබාදුන් ජයග‍්‍රහනය ගිලිහී යන බවද හමුදාපතිවරයා වැඩිදුරත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව කියන වචනයේ ගෞරවය ආරක්ෂා කරගෙන.... රාජකාරී කටයුතු හොදින් ක්‍රියාත්මක වීම ගැන අපි සතුටු වෙමු..
බාර් ඇරලා තියමු ලොක් ඩවුන්නිදහස් කළා වගේ...
බාර් ඇරලද වගකීමෙන් හැසිරෙන්න කියන්නේ?
ඔය කතාව දැන් මාස දෙකක තිස්සේ ඉඳන් කියනවා...