IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ඉතාලියේ අගුලු දැමීමේ සීමා ලිහිල් කෙරේ

කොරෝනා වෛරසය හේතුවෙන් සති 7 ක් පුරා ඉතාලියේ පනවා තිබූ අගුලුදැමීමේ සීමා ලබන මාසයේ සිට ලිහිල් කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මැයි 4 වැනිදා සිට එය ක්‍රියාත්මක කරන බව එරට අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේ මහතා පවසයි.

සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් අඩු ඥාතීන් සංඛ්‍යාවක් හමුවීමට එහිදී අවසර හිමිවේ.

උද්‍යාන ද යළි විවෘත කෙරෙන නමුත් ලබන සැප්තැම්බර් මාසය දක්වා පාසල් විවෘත නොකෙරේ.

කොරෝනා වෛරසය ආසාදනයෙන් ඊයේ ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 260 ක් වන අතර එය මාර්තු 14 වැනිදා සිට වාර්තා වූ අවම දෛනික මරණ සංඛ්‍යාව වේ.

මේ වන විට එරටින් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 26,644 ක් වන අතර එය යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවයි.

ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාලේඛන අනුව ඉතාලියෙන් මේ වන විට හඳුනාගෙන ඇති වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 197,675 ක් වේ.

නව ආසාදිතයින් වාර්තා වීම පහළ වැටෙමින් පවතින අතර බලධාරීන් විශ්වාසය පළකරන්නේ සීමා ලිහිල් කිරීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් තරමට රෝගය බෝවීමේ අනුපාතය පහළ මට්ටමක පවතින බවයි.

ස්විස්ටර්ලන්තය සහ ස්පාඤ්ඤය වැනි රටවල් ද පනවා ඇති සීමා මේ වන විට ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (4)

ඉතාලියේ අගුලු දැමීමේ සීමා ලිහිල් කෙරේ

Nihal Monday, 27 April 2020 08:15 AM

කොරෝනා තිබුනත් නැතත් ලිහිල් කරන්න වෙනවාමයි.ආර්ථිකය අඩපණයි. ආහාර ගබඩා හිස්.

:       63       73

Swarna Monday, 27 April 2020 08:52 AM

අපි ඉන්නෙත් ඉතාලියේ. මාස දෙකක කාලයක් තිස්සේ සිටියේ ගෙදරටම වෙලා.ලොක් ඩවුන් කරලා විතරයි තියෙන්නේ. ඇඳිරි නීතිය දාලා නොවෙයි.අපි නීතියට ගරු කළා.මැයි 4 වෙනිදා ට වුනත් ලිහිල් කරන්නේ නීති රීති ඇතුවයි. මෙච්චර කාලයකට නම් ඉතාලියේ ආහාර හිඟයක් ඇතිවුනේ නැහැ.එහෙනම් කියන්නේ කොහොමද ආහාර ගබඩා හිස් කියලා .හරියටම ඇස් දෙකෙන් දකින්නේ නැතුව වචන පාවිච්චි කරන්න එපා.එක සුපර් මාකට් එකකට ගියොත් කන්ටේනර් ගාණකට පුරවන්න බඩු තියෙනවා.මේ වගේ දේවල් නොදැක අදහස් ලියන්නේ නූගත් අය.

:       88       89

NihalMonday, 27 April 2020 09:38 AM

මම ඉන්නෙත් ඉතාලියේ... වයින් නම් අඩුවක් නැහැ.

:       0       49

NihaMonday, 27 April 2020 11:57 AM

මෙම තීරුවෙ පලකර තිබෙන තිබෙන ‘බ‍්‍රිතාන්‍යයේ ආර්ථිකය යථා තත්වයට පත්වීමට තව අවුරුදු 3ක් යනවා... ‘ එය කියවන්න...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14044 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 175 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site