IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඇල්ලේ 53 දෙනෙක් ස්වයං නිරෝධායනයට

(ඩී.කේ.රත්න)

ඇල්ල නගරයේ ප්‍රධාන සංචාරක හෝටල් හතරකට අයත්  53 දෙනෙකු අද (18) සිට දින 14 ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය.

ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නැවතී සිටි දේශීය සංචාරක මග පෙන්වන්නෙකුට සහ ඇල්ල නගරයේම සංචාරක හෝටයක නතර වී සිටි විදේශීය සංචාරකයින් දෙදෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවීම නිසා එම සංචාරක හෝටල්වල සේවකයින් හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

මෙම ස්වයං නිරෝධායනයට ලක්කළ පිරිසට අමතරව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම තිදෙනා ඇසුරු කළ තවත් පිරිසක් මෙම ප්‍රදේශයේ ඇති බවත් එම පිරිසද සොයා ස්වයං නිරෝධායනයට ලක්කිරීමට මේ වන විට විමර්ශන කටයුතු සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

ඇල්ලේ 53 දෙනෙක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site