IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා

(චන්ද්‍රසිරි ගුණසේකර)

ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පති යුවළකට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (21)සවස තහවුරු වූ බව ඇල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම විදුහල්පතිවරයා ඇල්පිටිය නගරයේ ජාතික පාසලක වැඩබලන විදුහල්පතිවරයා වන අතර විදුහල්පතිනිය ඇල්පිටිය වල්ලඹගල කනිටු විදුහලේ විදුහල්පතිනිය බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

මෙම විදුහල්පති යුවළගේ වයස අවුරුදු හතක් වන දරුවා ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන අතර එම දරුවා පසුගිය සතියේ පාසල් ගොස් ඇති බවද කියයි.

මීට අමතර එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සදහා ඉකුත් 17 හා 18 යන දින දෙකේ ඇල්පිටිය ඌරන්වල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක අධ්‍යාපන පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති අතර කොරෝනා ආසාදිත බවට හදුනාගත් මෙම විදුහල්පතිනියද 18 වනදා එම වැඩමුළුවට සහභාගී වී ඇත.

එසේම ඒ අවස්ථාව වන විටත් මේ විදුහල්පතිනිය කිසියම් අසනීප තත්ත්වයක පසුවූ බවද ආරංචි මාර්ග පවසයි.

එම වැඩමුළුවට කලාපයේ විදුහල්පතිවරු හැට දෙනෙක් සහභාගී වූ බවත් දැනගන්නට ඇත.

 විදුහල්පතිනිය සේවය කළ විදුහලේ සේවය කරන අනෙක් ගුරුවරු හත් දෙනාම නිරෝධායනයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් මහතා පැවසීය.

මීට අමතරව මෙම විදුහල්පතිනිය හා විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් හැටියට හදුනාගත් ගුරුවරු ඇතුළු සියළු දෙනාද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

 



අදහස් (0)

ඇල්පිටියේ විදුහල්පති යුවළකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 151 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site