
ස්වයං නිරෝධායනය විය යුතු කාලය දින 10 ක් දක්වා අඩු කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
මේ අනුව ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකුට නිරාවරණය වූ හෝ ආසාදිතයකුගේ ආශ්‍රිතයන් ස්වයං-නිරෝධායනය විය යුතු කාලය දින 10ක් බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
එමෙන්ම එසේ නිරාවරණය වීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු ව එහි ප්‍රතිඵලයෙන් වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වුවහොත් ස්වයං නිරෝධායනය විය යුතු කාලය දින 7ක් බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ඊයේ (2) පැවැසීය.
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මීට පෙර පනවා තිබූ ස්වයං නිරෝධායන කාල සීමාව දින 10ක් විය.
(ඒ.එෆ්.පී./රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd