
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුවේ විදුහලක ප්‍රාථමික අංශයේ සිසු සිසුවියන් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා අද (4 ) පැවසිය.
මෙම කොරෝනා ආසාදිත දරුවන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුගේ ළගම ආශ්‍රීතයින්ට මෙයට පෙර වයිරසය වැළදි ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත් මේ වන විට පාසලේ ආරක්ෂීත ක්‍රම භාවිතා කරමින් අනෙක් දරුවන් පාසලට කැදවිම සිදුවෙන බව විදුහල්පතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි යථාර්තය. අපිට අකමැත්තන් වුවත් මේ වසංගතය සමඟ ජීවිතය ගත කිරීමට සිදු වෙනවා. දැනටමත් වසංගත සමයේ අඛණ්ඩව ක්‍රියාත්මක වන රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වරින් වර රෝගීන් වාර්තා වෙනවා. අවශ්‍ය සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් එම ආයතන නොකඩවා ක්‍රියාත්මක වෙනවා. රටේ අනාගත යහපත උදෙසා පාසල් හා අනෙකුත් අධ්‍යාපන අංශ ද මෙම යථාර්තයට මුහුණ දෙමින් දිරියෙන් ඉදිරියට යා යුතුමයි.