






(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර මහා රෝහලේ ආසාදන පාලන ඒකකය මගින් රෝහල් සේවකයින්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුමක් අඩු වියදමකින් නිර්මාණය කරගෙන තිබේ.
දිරා යන පොලිතින් භාවිත කර සකස් කරන ලද මෙම ඇඳුම එක්වරක් පමණක් භාවිතා කළ හැකිබව අම්පාර මහා රෝහලේ ක්ෂද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය දර්ශන වික්‍රමසිංහ මහතා පැවසීය.
දැනට මෙම ලංකාවේ අනෙක් රෝහල්වලටත් හඳුන්වාදීමට කටයුතු කරන බවද සඳහන් කළේය. අම්පාර මහා රෝහලේ සේවය කරන සියලු කාර්ය මණ්ඩල සඳහා මෙම ආරක්ෂිත ඇඳුම ලබාදෙන බවද පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනයට ලක්වු පුද්ගලයන් පැමිණියහොත් ඔවුන්ට මුලික ප්‍රතිකාර ලබාදීම සඳහා අම්පාර මහා රෝහලේ ස්ථාන කිහිපයක් සහ කාර්ය මණ්ඩල සුදානම් කර ඇති බව අම්පාර මහා රෝහලේ වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අම්පාර රෝහලෙන් කොරෝනා ආරක්ෂිත ඇඳුමක්
siraj Sunday, 22 March 2020 06:23 AM
මෙය ඉතා අගනා නිර්මාණයකි. මේ ඇඳුම සීල් කරන්න අර පොලිතින් සීලර් යන්ත්‍රයක් අරන් දාර ටික රත් කර ගත්තා නම් මැහුවා වගේ සීල් වෙයි.