IMG-LOGO

අත්‍යාවශ්‍ය සේවයට කැඳවන්නන් ළග සේවා හැඳුනුම්පත අනිවාර්යයි

ඉන්දිකා රාමනායක

ඇදිරිනීතිය පනවා තිබියදී මහජනයාගේ පහසුව  වෙනුවෙන් හෙට (11) දින  සිට බස්නාහිර  පළාත සහ පුත්තලම   දිස්ති‍්‍රකයේ අත්‍යාවශ්‍ය රාජකාරි  සදහා රජයේ , හා පෞද්ගලික කාර්යාල විවෘත කළ ද   එම  සේවක පිරිස  අදාල ආයතවල අත්‍යාවශ්‍ය සේවා සදහා කැදවා ඇති බවට  සදහන් කර ආයතනයෙන් නිකුත් කළ  ලේඛණයක් හා සේවා හැදුනුම්පත ළග තබාගත යුතු බව   නියෝජ්‍ය පොලිස්පති අජිත්   මහතා පවසයි.

අත්‍යාවශ්‍ය සේවය සදහා කැදවා ඇති බවට  ඔප්පු කළ හැකි ලිපියක් , එස් එම් එස් පණිවිඩයක්,  වයිබර්, වට්ස්ඇප් හෝ  ඉමෝ වැනි  විද්‍යුත් පණිවිඩයක්  ප‍්‍රමාණවත් බවද අජිත්  රෝහණ මහතා පවසයි.

අද දිනයේ රාජකාරි සදහා පැමිණෙන රජයේ සේවක සේවිකාවන්  පෙරවරු 8.30  පෙර  සිය කාර්යාල වලට වාර්තා කර  පස්වරු  ඉතා පහසු බවත්,  පෞද්ගලික  අංශයේ සේවක සේවිකාවන්  පෙරවරු 8.30-10.30 අතර කාලය තුළ පැමිණිය යුතු බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

රාජ්‍ය සේවකයින් තම කාර්යාල වෙත උදෑසන 8.30 ට පෙර වාර්තා කර රාජකාරි නිමවා සවස 3-4 ත් යන කාල සීමාවේදී  නිවෙස් බලා යාම උචිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියි.



අදහස් (1)

අත්‍යාවශ්‍ය සේවයට කැඳවන්නන් ළග සේවා හැඳුනුම්පත අනිවාර්යයි

samantha indika Monday, 11 May 2020 03:42 AM

කොළඹ සහ ගම්පහ දිස්තික්කවල ගුරුවරු සේවය සදහා කැඳවන්න පුලුවන්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 658 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 781 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site