
(නිමල කොඩිතුවක්කු සහ මහේෂ් කීර්තිරත්න )
අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.
සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල සහයෝගය ලබා ගනිමින් ජනතාව මෙම නිරෝධායන නීති පිළිපදින්නේ දැයි නිරන්තර සෝදිසි කිරිම් සිදු කිරිමටද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කළාය.
අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත.
මේ වන වට අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගින් 58 ක් වාර්ථා වී ඇති අතර කල්මුණේ ප‍්‍රදේශයේද රෝගීන් 86 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා ස`දහන් කර ඇත.
මෙම තත්වය සලකා අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශයේ ජිවත් වන කිසිදු පුද්ගලයෙකු සිය නිවෙස් වලින් බැහැරට නොයන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
එම ප‍්‍රදේශයට අවශ්‍ය ආහාර පාන ජංගම රථ මගින් බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද ඇය අදාළ බළධාරින්ට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති උතුමාණන්ගේ දැන ගැනීම පිණිසයි. වර්තමානයේ ක්‍රියාත්මක කරන අන්දමට ලංකාවේ කොවිඩ් තුරන් කිරීම කළ නොහැකි කටයුත්තකි. තැනින් තැන වසා, ඒ මිනිසුන්ට රුපියල් 5000, 10000 බඩුමලු දීලා පලක් නැත. නිවැරදි දත්ත ලබාගෙන එදිනෙදා අාදායම් ලබන්නන්ට සතියකට රුපියල් 5000ක් ලබාදී, සති 3ක් අවම ලංකාවම වසා දමන්න. ඒ අතර PCR අන්ටිජෙන්ට් උපරිමය කරන්න. හැබැයි යාළුවන්ට කියලා පිටරටින් එන අයට වෙනමම සලකන්න යන්න එපා. පිටරටින් එන අයත් නිවැරදිව පාලනය කරන්න. රට කොවිඩ් වලින් බේරා ගත හැක.