IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අක්කරෙයිපත්තුව දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

(නිමල කොඩිතුවක්කු සහ මහේෂ් කීර්තිරත්න )

අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස  නම් කිරිමට  නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වල  සහයෝගය ලබා ගනිමින් ජනතාව මෙම නිරෝධායන නීති පිළිපදින්නේ දැයි නිරන්තර සෝදිසි කිරිම් සිදු කිරිමටද ආණ්ඩුකාරවරිය පළාත් බලධාරීන්ට නියෝග කළාය.  

අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් මෙම ක‍්‍රියාමාර්ග ගෙන ඇත.

මේ වන වට අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයෙන් කොරෝනා රෝගින් 58 ක් වාර්ථා වී ඇති අතර කල්මුණේ ප‍්‍රදේශයේද රෝගීන් 86 දෙනෙකු වාර්තා වී ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා ස`දහන් කර ඇත.

මෙම තත්වය සලකා අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශයේ ජිවත් වන කිසිදු පුද්ගලයෙකු සිය නිවෙස් වලින් බැහැරට නොයන ලෙසද ආණ්ඩුකාරවරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.

එම ප‍්‍රදේශයට අවශ්‍ය ආහාර පාන ජංගම රථ මගින් බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද ඇය අදාළ බළධාරින්ට නියෝග කළාය.



අදහස් (1)

අක්කරෙයිපත්තුව දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කරයි

ravi Wednesday, 02 December 2020 02:09 AM

ජනාධිපති උතුමාණන්ගේ දැන ගැනීම පිණිසයි. වර්තමානයේ ක්‍රියාත්මක කරන අන්දමට ලංකාවේ කොවිඩ් තුරන් කිරීම කළ නොහැකි කටයුත්තකි. තැනින් තැන වසා, ඒ මිනිසුන්ට රුපියල් 5000, 10000 බඩුමලු දීලා පලක් නැත. නිවැරදි දත්ත ලබාගෙන එදිනෙදා අාදායම් ලබන්නන්ට සතියකට රුපියල් 5000ක් ලබාදී, සති 3ක් අවම ලංකාවම වසා දමන්න. ඒ අතර PCR අන්ටිජෙන්ට් උපරිමය කරන්න. හැබැයි යාළුවන්ට කියලා පිටරටින් එන අයට වෙනමම සලකන්න යන්න එපා. පිටරටින් එන අයත් නිවැරදිව පාලනය කරන්න. රට කොවිඩ් වලින් බේරා ගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31598 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13961 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site